කෘතිම බුද්ධි තාක්ෂණයේ දැවැන්තයෙක් වන ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම විසින් ඔවුන්ගේ නවතම මාදිලිය වන ‘Claude Sonnet 5’ එළිදක්වා තිබෙනවා. මේ අලුත් මාදිලිය විශේෂ වෙන්නේ ඉතා අඩු වියදමකින් ස්වයංක්‍රීයව වැඩ කිරීමේ හැකියාව (Agentic capabilities) ලබා දීම නිසයි. මීට කලින් මේ වගේ සංකීර්ණ වැඩ කරගන්න නම් ගොඩක් මිල අධික මාදිලි පාවිච්චි කරන්න සිද්ධ වුණා. නමුත් දැන් Sonnet 5 හරහා ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් බ්‍රවුසර් භාවිතා කරමින්, කේත ලියමින් සහ සංකීර්ණ කාර්යයන් ස්වාධීනව කරගන්න පුළුවන්කම ලැබෙනවා.
මෙම නව මාදිලිය පෙර තිබූ Sonnet 4.6 මාදිලියට වඩා ගොඩක් දියුණුයි. විශේෂයෙන්ම වැඩක් මැදදී නතර නොවී අවසානය දක්වාම කරගෙන යාමේ හැකියාව මෙහි තියෙනවා. Zapier වැනි ආයතනවල ඉංජිනේරුවන් පවා පවසන්නේ, කලින් අතරමගදී නතර වූ වැඩ පවා Sonnet 5 ඉතා සාර්ථකව නිම කරන බවයි. ඒ වගේම, වැරදි තොරතුරු ලබා දීම (Hallucinations) සහ අනවශ්‍ය දේවල් සිදු කිරීමේ අවදානමද මෙහිදී අවම කරලා තියෙනවා. ආරක්ෂාව අතින් ගත්තත් මෙය ඉතාම විශ්වාසවන්ත බවයි සමාගම පවසන්නේ.
මිල ගණන් ගැන කතා කළොත්, අගෝස්තු 31 දක්වා ඉතාම අඩු මිලකට මෙය ලබාගන්න පුළුවන්. ඉන්පසුව මිල සුළු වශයෙන් වැඩි වුණත්, වෙළඳපොලේ ඇති අනෙකුත් ප්‍රධාන මාදිලි වන GPT-5.5 හෝ Gemini 3.1 Pro වලට වඩා මෙය ලාභදායී වෙනවා. දැනටමත් නොමිලේ සහ Pro සැලසුම් භාවිතා කරන සැමට මෙය භාවිතා කරන්න පුළුවන්. කෘතිම බුද්ධිය හරහා දෛනික වැඩ කටයුතු පහසු කරගන්න බලාපොරොත්තු වෙන අයට මෙය ඇත්තටම හොඳ ආරංචියක්.

Discussion & Feedback