ප්‍රෝග්‍රෑමින් කරන අයට වැඩේ තවත් ලේසි කරමින්, ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම ඔවුන්ගේ Claude Code සඳහා ‘Auto Mode’ පහසුකම පෙරනිමියෙන් (Default) ක්‍රියාත්මක කිරීමට තීරණය කරලා තියෙනවා. මේ වෙනස අගෝස්තු 14 වැනිදා සිට Pro, Max සහ Team ගිණුම් භාවිතා කරන සියලුම දෙනාට ලැබෙනවා. මීට කලින් හැම පියවරකදීම පරිශීලකයාගෙන් අවසර ගන්න සිද්ධ වුණත්, දැන් මේ Auto Mode එක හරහා Claude Code එකට තනිවම වැඩ කරගෙන යන්න පුළුවන්. හැබැයි යම් ක්‍රියාවක් ආපසු හැරවිය නොහැකි හෝ හානිකර එකක් නම් පමණක් ඒක නතර කරලා පරිශීලකයාගෙන් අහනවා.
මේ ගැන ඇන්ත්‍රොපික් කියන්නේ, පරීක්ෂණවලදී මිනිස්සු කරන පරීක්ෂාවට වඩා මේ Auto Mode එක ගොඩක් ආරක්ෂිත බවයි. දත්තවලට අනුව, මිනිස්සු අතින් වැරදි හඳුනාගැනීමේ ප්‍රතිශතය 13.6%ක් වුණත්, Auto Mode එක හරහා 89%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරලා තියෙනවා. මිනිස්සු සාමාන්‍යයෙන් හැම දේකටම ‘ඔව්’ කියන පුරුද්දක් තියෙන නිසා මෙහෙම වෙනවා වෙන්න පුළුවන්. Claude Code හි ප්‍රධානී බොරිස් චර්නි පවා කියන්නේ තමන් මාස ගණනාවක ඉඳන් මේක පාවිච්චි කරනවා, ආයෙත් පරණ විදියට හැම දේටම අවසර ගන්න යන එක හිතාගන්නවත් බැහැ කියලා.
මේ අතරතුර, දත්ත ආරක්ෂාව තහවුරු කරන්න ඇන්ත්‍රොපික් සමාගම අලුතින්ම ‘prompt injection screening’ සහ තමන්ට අවශ්‍ය විදියට සකස් කරගන්න පුළුවන් ‘hard deny rules’ වගේ ආරක්ෂක පියවර කිහිපයකුත් එකතු කරලා තියෙනවා. ඉතින් මේ වෙනස්කම් එක්ක ප්‍රෝග්‍රෑමින් කරන අයට තමන්ගේ වැඩ වේගවත් කරගන්න වගේම වඩාත් ආරක්ෂිතව වැඩ කටයුතු කරගෙන යන්නත් දැන් අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback