දැන් ලෝකයේම කතාබහට ලක්වෙන ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම තමන්ගේම කියලා අලුත් ජීව විද්‍යා පර්යේෂණාගාරයක් (Wet Lab) අරඹලා තියෙනවා. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ බේ ඒරියා කියන ප්‍රදේශයේ. සාමාන්‍යයෙන් AI කියන්නේ මෘදුකාංග පැත්තට විතරක් සීමා වුණ දෙයක් කියලා අපි හිතුවට, ඇන්ත්‍රොපික් සමාගම කියන්නේ ජීව විද්‍යාව සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්න නම් ඇත්තටම පර්යේෂණාගාරයක වැඩ කරන්නම ඕනේ කියලා. මේ පර්යේෂණාගාරය හරහා ඔවුන් මූලික ජීව විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන අතර, බාහිර ආයතන එක්කත් එකතු වෙලා වැඩ කරනවා.
මේ පියවර ගත්තේ ඇයි කියලා බැලුවොත්, ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ඉදිරි වසර පහ දහය ඇතුළත ලෝකයේ තියෙන බරපතල රෝගාබාධවලට AI තාක්ෂණය හරහා විසඳුම් හොයන එකයි. ඒ වගේම ඔවුන් ‘Life Sciences Verification Program’ කියලා අලුත් වැඩසටහනකුත් පටන් අරන් තියෙනවා. හැබැයි මේ වැඩේ ගැන තාක්ෂණික ලෝකයේ ලොකු විවේචනයකුත් තියෙනවා. මොකද, එක පැත්තකින් AI මගින් මිනිස් වර්ගයාට අනතුරක් වෙන්න පුළුවන් කියලා අනතුරු අඟවන ගමන්ම, මෙහෙම පර්යේෂණාගාර පවත්වාගෙන යාම ගැන ගොඩක් අය සැකයෙන් බලනවා. කොහොම වුණත්, මේ පර්යේෂණාගාරය හරහා ඔවුන් ඖෂධ නිෂ්පාදනයට වඩා මූලික ජීව විද්‍යාත්මක සොයාගැනීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback