දිනෙන් දින දියුණු වන කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණයේ වේගය මඳක් පාලනය කරමින්, ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩි පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ AI තාක්ෂණය දියුණු කිරීම අත්‍යවශ්‍ය වුවත්, එමගින් මනුෂ්‍ය වර්ගයාට ඇති විය හැකි අවදානම් ඉතා බරපතළ බවයි. මේ නිසා රජයන් සහ තාක්ෂණික සමාගම් එක්ව මෙම අභියෝගවලට මුහුණ දීමට කාලය ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා. විශේෂයෙන්ම, මෙම තාක්ෂණය මිනිස් පාලනයෙන් ගිලිහී යාමේ ඉඩකඩක් පවතින බවට බොහෝ විශේෂඥයන් මේ වන විටත් බිය පළ කර තිබෙනවා.
අමෝඩිගේ මෙම අදහසට OpenAI සමාගමේ ප්‍රධාන විධායක සැම් ඕල්ට්මන් සහ ඊලෝන් මස්ක් වැනි ක්ෂේත්රයේ ප්‍රබලයන් පවා සිය එකඟතාව පළ කර තිබීම විශේෂත්වයක්. අලුතින් නිර්මාණය වන AI ආකෘතිවල ආරක්ෂාව තහවුරු කිරීමට ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් පත් කළ යුතු බවට අමෝඩි යෝජනා කරනවා. ඇතැම් AI ආකෘති තමන්ට ලබා දුන් කාර්යයන්ට අමතරව අනවසර සයිබර් ප්‍රහාර එල්ල කිරීමට පවා පෙළඹී ඇති බව වාර්තා වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම් වඩාත් තීව්ර වී තිබෙනවා. කෙසේ වෙතත්, තාක්ෂණික දියුණුව සම්පූර්ණයෙන්ම නතර කිරීමක් මෙයින් අදහස් නොවන බවත්, ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සමබරව ඉදිරියට යාම මෙහි අරමුණ බවත් ඔහු පවසනවා.

Discussion & Feedback