ලෝක ප්රකට බ්රිතාන්ය වේදිකා සහ සිනමා අධ්යක්ෂවරයෙක් වුණු ඇන්තනි පේජ් වයස අවුරුදු 90ක්ව තිබියදී ලන්ඩනයේදී අභාවප්රාප්ත වෙලා තියෙනවා. ඔහු කලාවට කරපු විශාල මෙහෙවර වෙනුවෙන් ටෝනි සම්මානයෙන් පවා පිදුම් ලැබූ දක්ෂ අධ්යක්ෂවරයෙක්. 1997 වසරේදී ඔහු අධ්යක්ෂණය කරපු ‘A Doll’s House’ වේදිකා නාට්යය ලෝකය පුරාම ලොකු කතාබහකට ලක්වුණා. ඒ වගේම ඔහු 70 දශකයේදී අධ්යක්ෂණය කරපු ‘Pueblo’ සහ ‘The Missiles Of October’ වැනි ටෙලි චිත්රපට සඳහා එමී සම්මාන නිර්දේශයන් පවා හිමි කරගන්න ඔහු සමත් වුණා.
ඉන්දියාවේ බැංගලෝර් නුවර උපන් ඇන්තනි පේජ්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයෙන් අධ්යාපනය ලැබීමෙන් පස්සේ තමයි කලා ලෝකයට පිවිසෙන්නේ. ඔහු ‘I Never Promised You A Rose Garden’ වැනි ඔස්කාර් නිර්දේශිත චිත්රපට ඇතුළු සිනමා කෘති රැසක් අධ්යක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම බ්රෝඩ්වේ වේදිකාවේදී ‘Cat on a Hot Tin Roof’ සහ ‘Who’s Afraid of Virginia Woolf’ වැනි දැවැන්ත නිර්මාණ හරහා ඔහු ප්රේක්ෂක ආදරය දිනාගත්තා. 2008 වසරේදී ඔහු අධ්යක්ෂණය කරපු ‘My Zinc Bed’ චිත්රපටය ඔහුගේ අවසන් නිර්මාණය ලෙස සනිටුහන් වුණා.
ඇන්තනි පේජ්ගේ වියෝව ලෝක කලා ක්ෂේත්රයට ලොකු පාඩුවක්. ඔහුගේ ජීවිතයේ අවසන් කාලය වන විට ඔහු සිය සහකරු කෙනත් බට්ලර් සමඟ කාලය ගත කළා. දශක ගණනාවක් පුරා වේදිකාව සහ සිනමාව වෙනුවෙන් ඔහු කරපු විශිෂ්ට සේවය කවදාවත් අමතක වෙන්නේ නැහැ.

Discussion & Feedback