ජපාන අභ්යවකාශ ගවේෂණ ඒජන්සිය හෙවත් ජැක්සා (JAXA) ආයතනය විසින් ඔවුන්ගේ අලුත්ම අත්හදා බැලීම වන RV-X නැවත භාවිත කළ හැකි රොකට් යානය සාර්ථකව අහසට යවා නැවත ගොඩබෑමට සමත් වෙලා තියෙනවා. පසුගිය ජූලි 11 වැනිදා නොෂිරෝ පරීක්ෂණ මධ්යස්ථානයේදී සිදු කළ මෙම කෙටි ගුවන් ගමන තත්පර 40ක් වැනි කෙටි කාලයක් පැවතුණා. අඩි 24ක් උසැති මෙම යානය අඩි 33ක් ඉහළට ගොස් මීටර් 15ක් පමණ දුරකින් පිහිටි ස්ථානයක ඉතා ආරක්ෂිතව ගොඩබෑමට ඔවුන්ට හැකි වුණා. මෙය ජපානය අභ්යවකාශ ක්ෂේත්රයේ තබන ඉතා වැදගත් පියවරක් විදියටයි විද්යාඥයන් දකින්නේ.
මෙම ව්යාපෘතිය මගින් අනාගතයේදී ප්රංශය සහ ජර්මනිය සමඟ එක්ව ‘CALLISTO’ නමින් තනි අදියරකින් යුත් නැවත භාවිත කළ හැකි රොකට් නිර්මාණය කිරීමට ජැක්සා ආයතනය බලාපොරොත්තු වෙනවා. දැනට ජපානය භාවිතා කරන H3 රොකට්ටුවට වඩා මෙය කාර්යක්ෂම සහ වියදම් අඩු ක්රමයක් වේවි. ස්පේස් එක්ස් (SpaceX) ආයතනයේ මුල් කාලීන ‘ස්ටාර්හෝපර්’ පරීක්ෂණයට සමාන මෙම අත්හදා බැලීම, ඉදිරියේදී තවත් උසින් වැඩි පරීක්ෂණ ගුවන් ගමන් සඳහා මග පාදනවා. ඉදිරි පරීක්ෂණවලදී අඩි 330ක් දක්වා උසකට යානය යැවීමට ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ හරහා අභ්යවකාශ ගමන් සඳහා වැය වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ජපානයට හැකි වේවි කියලා තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback