හොලිවුඩ් නිළි ඇන් හැත්වේට 2026 වසර ඉතාමත් සාර්ථක එකක් වෙලා තියෙනවා. ඇය රඟපෑ ‘ද ඩෙවිල් වෙයාර්ස් ප්රාඩා 2’ සහ ක්රිස්ටෝපර් නෝලන්ගේ ‘ද ඔඩිසි’ චිත්රපට ලොව පුරා විශාල ආදායමක් ලබමින් මේ වන විටත් සිනමාහල්වල සාර්ථකව ප්රදර්ශනය වෙනවා. මේ සාර්ථකත්වයත් එක්කම ඇය රඟපාන අලුත්ම චිත්රපටය වන ‘ද එන්ඩ් ඔෆ් ඕක් ස්ට්රීට්’ (The End of Oak Street) ගැන රසිකයන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේක ඩයිනෝසෝරයන් ගැන නිර්මාණය වුණු අලුත්ම විද්යා ප්රබන්ධ චිත්රපටයක්.
මේ චිත්රපටය විශේෂ වෙන්නේ අධ්යක්ෂ ඩේවිඩ් රොබට් මිචෙල්ගේ වසර 12ක R-rated චිත්රපට මාලාවකට තිත තබමින් මෙය PG-13 වර්ගීකරණය යටතේ නිකුත් වීම නිසයි. සාමාන්යයෙන් මිචෙල්ගේ චිත්රපට ගොඩක් අඳුරු සහ වැඩිහිටියන්ට පමණක් සුදුසු ඒවා වුණත්, මේ ඩයිනෝසෝර චිත්රපටය ඒ සම්ප්රදාය වෙනස් කරනවා. හැබැයි PG-13 වුණාට, මේකේ තියෙන බිහිසුණු දර්ශන සහ ක්රියාදාමයන් නිසා ප්රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් ලබාගන්න පුළුවන් බවයි ආරංචි වෙන්නේ.
ප්රසිද්ධ අධ්යක්ෂ එඩ්ගර් රයිට් පවා පවසන්නේ මේ චිත්රපටය PG-13 සීමාව උපරිමයෙන්ම පාවිච්චි කරමින් ප්රේක්ෂකයන්ව බිය ගන්වන බවයි. ජුරාසික් පාර්ක් චිත්රපට මාලාවට සම්බන්ධ නැති වුණත්, මේ චිත්රපටයේ තියෙන CGI තාක්ෂණය සහ දර්ශන ඉතාම උසස් මට්ටමක තියෙනවා. අගෝස්තු 14 වැනිදා තිරගත වීමට නියමිත මේ චිත්රපටය ඇන් හැත්වේගේ රසිකයන්ට තවත් අමතක නොවන අත්දැකීමක් වේවි.

Discussion & Feedback