හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් රඟපාන ‘ඩේස් ඔෆ් තන්ඩර් 2’ (Days of Thunder 2) චිත්‍රපටය ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. 1990 වසරේ තිරගත වුණු ජනප්‍රියම රේසිං චිත්‍රපටයක් වුණු ඩේස් ඔෆ් තන්ඩර් හි දෙවැනි කොටසට ප්‍රවීණ නිළි ඇන් හැතවේත් එකතු වෙනවා කියලා ටොම් කෲස් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිල වශයෙන්ම ප්‍රකාශ කළා. මේ දෙන්නා නාස්කාර් (Nascar) රේසිං කාර් එකක් ළඟ ඉන්න ෆොටෝ එකකුත් එක්ක තමයි මේ ආරංචිය රසිකයන්ට දැනගන්න ලැබුණේ. මේ චිත්‍රපටය 2028 ජූනි 2 වැනිදා ලොව පුරා තිරගත කරන්න නියමිතයි.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජොනතන් ලෙවින් විසින් සිදු කරන අතර, ටොම් කෲස් නැවතත් ‘කෝල් ට්‍රිකල්’ කියන චරිතයෙන් අපිට දකින්න ලැබෙනවා. ඇන් හැතවේ මේ චිත්‍රපටයේ රඟපාන්නේ රේසිං කණ්ඩායමක අයිතිකාරියක් සහ ඉංජිනේරුවරියක් විදිහටයි. චිත්‍රපටය IMAX සහ 4DX වගේ උසස් තාක්ෂණයන්ගෙන් නැරඹීමේ අවස්ථාවත් ප්‍රේක්ෂකයන්ට ලැබෙනවා. 1990 ආපු පළමු චිත්‍රපටය ලෝකය පුරාම ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා වගේම, මේ අලුත් නිර්මාණයත් අනිවාර්යයෙන්ම ලොකු සාර්ථකත්වයක් ලබයි කියලා තමයි සිනමා විචාරකයෝ කියන්නේ. ඇන් හැතවේ මේ දවස්වල තමන්ගේ අලුත්ම චිත්‍රපට කිහිපයක් නිසාම සිනමා ලෝකයේ කාර්යබහුලම නිළියක් වෙලා ඉන්නවා. ඉතින්, 2028 වෙනකම් මේ සුපිරි සිනමා අත්දැකීම බලන්න අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉමු.

Discussion & Feedback