ලෝක ප්රකට මෙට් ගාලා (Met Gala) උළෙලේ 2027 වසරේ ගෞරවය ප්රවීණ විලාසිතා නිර්මාණ ශිල්පී ජෝන් ගැලියානෝට පිරිනැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, 2011 වසරේදී ඔහු විසින් සිදුකළ යුදෙව් විරෝධී ප්රකාශ හේතුවෙන් මෙම තීරණය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ නිසාම වෝග් සඟරාවේ ප්රධානියා වන ඇනා වින්ටර් සහ මෙට් කෞතුකාගාරයේ බලධාරීන් පසුගිය වසර පුරාම නිව්යෝර්ක් නුවර සිටින ප්රබල යුදෙව් නායකයන් සහ රබ්බිවරුන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ගැලියානෝගේ අතීත ක්රියාකලාපය නිසා ඇතිවිය හැකි විරෝධතා මගහරවා ගැනීමට සහ ඔහුගේ පසුතැවිල්ල පිළිබඳව යුදෙව් ප්රජාව දැනුවත් කිරීමට මෙම හමුවීම් ඉවහල් වුණා. රබ්බි රික් ජේකබ්ස් පවසන පරිදි, ගැලියානෝ තමන් හමුවේ ඉතා අවංකව අදහස් ප්රකාශ කළ අතර, ඔහුගේ වෙනස පැහැදිලිව දැකගන්න ලැබුණා. ඒ වගේම ඇන්ටි-ඩිෆමේෂන් ලීගයේ ජොනතන් ග්රීන්බ්ලැට් පවසන්නේ ගැලියානෝ තම වැරදි නිවැරදි කර ගැනීමට ගත් උත්සාහය අගය කළ යුතු බවයි.
මෙම ප්රදර්ශනය ‘ජෝන් ගැලියානෝ: හොරයිසන්ස්’ (John Galliano: Horizons) යන තේමාව යටතේ 2027 වසන්තයේදී පැවැත්වීමට නියමිතයි. මෙට් කෞතුකාගාරයේ මෙවැනි ඒක පුද්ගල ප්රදර්ශනයක් පවත්වන තුන්වැනි ජීවමාන නිර්මාණ ශිල්පියා වන්නේද ගැලියානෝ වීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මෙම උළෙල හරහා ඔහුගේ නිර්මාණාත්මක දක්ෂතා මෙන්ම අතීතයේ සිදුවූ මතභේදාත්මක සිදුවීම් ද විවෘතව සාකච්ඡාවට ලක් කිරීමට මෙට් කෞතුකාගාරය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback