ලොව පුරා රසිකයින් අතර ජනප්රිය ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ චිත්රපට මාලාවේ රංගන ශිල්පී ඇන්ඩි සර්කිස්, හෝමර්ගේ සුප්රසිද්ධ ‘ඔඩිසි’ කාව්යය පාදක කරගෙන නිර්මාණය වන නවතම විද්යා ප්රබන්ධ ශ්රව්ය කෘතියක් වන ‘ඔඩිසියස් රයිසින්’ (Odysseus Rising) සඳහා සිය හඬ දායකත්වය ලබා දීමට සූදානම් වෙනවා. ප්රකට විද්යා ප්රබන්ධ ලේඛක ඇඩ්රියන් චයිකොව්ස්කි විසින් රචනා කර ඇති මෙම කෘතිය, 2027 පෙබරවාරි 25 වන දින Audible හරහා එළිදැක්වීමට නියමිතයි. මෙම කතාවේදී පැරණි ඔඩිසි වීර කාව්යය අභ්යවකාශය සහ කාලය හරහා දිවෙන අතිවිශිෂ්ට විද්යා ප්රබන්ධයක් ලෙස නැවත නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මෙම කතාව ගෙතෙන්නේ යුද්ධයෙන් විනාශ වූ ඉලියම් ලෝකයෙන් පසු, තම නැව වන ‘ඉතාකා’ රැගෙන නැවත නිවස බලා යන ඔඩිසියස් වීරයා වටායි. ඔහුට දෙවියන්ගේ සහ විවිධ බාධකවලට මුහුණ දීමට සිදුවන අතර, මෙය හුදෙක් අභ්යවකාශ ගමනක් නොව කාලය හරහා සිදුකරන ගැඹුරු ගමනක් බවයි නිර්මාණකරුවන් පවසන්නේ. ඇන්ඩි සර්කිස් පවසන්නේ හෝමර්ගේ සහ ඇඩ්රියන්ගේ නිර්මාණ දෙකම එකට මුසු කරමින් මෙවැනි අත්දැකීමක් ලබා දීම තමාට ලැබුණු විශාල භාග්යයක් බවයි. Audible ආයතනය පවසන්නේ මෙම කෘතිය සිනමාත්මක ශ්රව්ය කතා කලාවේ නව මානයක් විවර කරනු ඇති බවයි. විද්යා ප්රබන්ධ රසිකයින්ට මෙය අනිවාර්යයෙන්ම අත්විඳිය යුතු අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback