ඉතාලියේ සිසිලි වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු පතුලේ තිබී වසර 2000කට වඩා පැරණි රෝම යුගයට අයත් නෞකාවක සුන්බුන් සොයා ගැනීමට ඉතාලි කිමිදුම්කරුවන් කණ්ඩායමකට හැකි වෙලා තියෙනවා. මීටර් 46ක් පමණ ගැඹුරේ තිබී හමුවූ මෙම නෞකාව තුළ වයින් සහ ඔලිව් තෙල් ප්‍රවාහනය සඳහා භාවිත කළ මැටි බඳුන් සිය ගණනක් ඉතා හොඳින් සුරැකී තිබෙනවා. ප්‍රදේශයේ ධීවරයෙකු ලබා දුන් තොරතුරකට අනුව, විශේෂ පොලිස් කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් මෙම ඓතිහාසික සොයාගැනීම සිදු කර තිබෙන අතර, මෙය මෑත කාලයේ සිදුවූ වැදගත්ම පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් ලෙස ඉතාලි සංස්කෘතික අමාත්‍යවරයා පවා හඳුන්වා දී තියෙනවා.
මෙම නෞකාව මුලින්ම දැකගත්තේ ජියාකොමෝ ඩි මොලා නම් ධීවරයෙක්. ඔහු මුහුදු පතුලේ ස්කෑන් පරීක්ෂණයක් කරන අතරතුර විශාල ගලක් ලෙස පෙනුණු දෙයක් පරීක්ෂා කිරීමට කිමිදී තිබෙනවා. එහිදී ඔහුට දැකගන්න ලැබුණේ ගලක් නොව, පුරාණ යුගයේ භාණ්ඩ ගබඩා කිරීමට යොදාගත් මැටි බඳුන් රාශියක්. ඔහු පවසන විදිහට, සියවස් විස්සකට පසු එම ස්ථානය දුටු පළමු මිනිසුන් අතර තමන් සිටීම ඇදහිය නොහැකි අත්දැකීමක්. මේ වන විට එම ස්ථානය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර, පුරාවිද්‍යාඥයන් එම නෞකාවේ ඉතිහාසය සහ එහි තිබූ භාණ්ඩ පිළිබඳ වැඩිදුර පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. මධ්‍යධරණී මුහුදු පතුලේ මෙවැනි තවත් පැරණි නෞකා රාශියක් සැඟවී ඇති බවටයි විශේෂඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback