අනාගතයේදී අපේ රාත්රී අහස දෙස බලන විට අමුතුම ආකාරයේ දසුනක් දකින්න ලැබෙන්න ඉඩ තියෙනවා කියලා විද්යාඥයන් අනතුරු අඟවනවා. ඒ තමයි පෘථිවිය වටා චන්ද්රිකා දහස් ගණනක් එක පෙළට ගමන් කරමින් ‘සැටර්න්’ ග්රහයාගේ වළල්ලක් වගේ දර්ශනයක් මැවීම. ස්පේස් එක්ස්, බ්ලූ ඔරිජින් වගේ දැවැන්ත සමාගම් මිලියනයකට අධික දත්ත මධ්යස්ථාන චන්ද්රිකා අභ්යවකාශයට යවන්න සැලසුම් කරලා තියෙනවා. මේවා අහසේ එකම තලයක ගමන් කරන නිසා රාත්රී අහසේ තරු සහ ග්රහලෝකවලටත් වඩා දීප්තිමත් ආලෝක තීරුවක් විදිහට මේවා අපිට පෙනෙන්න පුළුවන්.
බර්මින්හැම් විශ්වවිද්යාලයේ මහාචාර්ය හියු ලුවිස් පවසන විදිහට මේ චන්ද්රිකා සහ පෘථිවියට හිරු එළිය පරාවර්තනය කරන කැඩපත් අභ්යවකාශයේ ස්ථානගත කරන්නේ දහවල් සහ රාත්රිය වෙන්වන සීමාවේදී නිරන්තරයෙන් හිරු එළිය ලැබෙන පරිදියි. මේ නිසා සවස් වරුවේ සහ අලුයම කාලයේදී අහසේ ඉතා දීප්තිමත් ආලෝක තීරුවක් දකින්න ලැබෙනවා. මෙය තාරකා විද්යාඥයන්ට විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ, ස්වාභාවික රාත්රී අහසේ සුන්දරත්වය සහ තරු රටා මේ නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී යන නිසයි.
කැනඩාවේ රෙජිනා විශ්වවිද්යාලයේ තාරකා විද්යාඥ සමන්තා ලෝලර් පවසන්නේ මෙම චන්ද්රිකා වළල්ල දිනකට දෙවරක් අහස හරහා ගමන් කරන බවයි. විශේෂයෙන්ම ශීත සෘතුවේදී මේ බලපෑම තවත් වැඩි වෙන්න පුළුවන්. විද්යා ප්රබන්ධ චිත්රපටයක දකින දේවල් වගේ පෙනුනත්, මේ සැලසුම් දැනටමත් ක්රියාත්මක වෙමින් පවතින නිසා අනාගතයේදී අපේ රාත්රී අහස අද දකින අහසට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක් වෙන්න ඉඩ තියෙනවා.

Discussion & Feedback