අනාගතයේදී අපේ රාත්රී අහස දෙස බලන විට අමුතුම ආකාරයේ දර්ශනයක් දකින්න ලැබෙන්න ඉඩ තියෙනවා කියලා විද්යාඥයන් අනතුරු අඟවනවා. ඒ කියන්නේ පෘථිවිය වටා චන්ද්රිකා මිලියනයක් සහ අභ්යවකාශ දර්පණ දස දහස් ගණනක් එකතු වෙලා, සැටර්න් ග්රහයා වටා තියෙන වළල්ලක් වගේ පෙනෙන කෘතිම වළල්ලක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ සැලසුම් ක්රියාත්මක වුණොත්, හිරු බැස ගියාට පස්සේ සහ හිරු උදාවෙන්න කලින් මේ චන්ද්රිකා වළල්ල අහසේ දිලිසෙනවා අපිට හොඳටම බලාගන්න පුළුවන් වෙයි. මේක තරු සහ ග්රහලෝකවලටත් වඩා දීප්තිමත්ව අහසේ දිස්වෙන නිසා, රාත්රී අහසේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන්න පුළුවන් කියලා බර්මින්හැම් විශ්වවිද්යාලයේ මහාචාර්ය හියු ලුවිස් පවසනවා.
මේ වන විට SpaceX, Blue Origin වගේ ප්රධාන පෙළේ සමාගම් රැසක් දත්ත මධ්යස්ථාන චන්ද්රිකා අභ්යවකාශයට යවන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම Reflect Orbital සමාගම සූර්ය බලශක්තිය ලබාගන්න අභ්යවකාශ දර්පණ යවන්නත් සූදානම් වෙනවා. මේ සියලුම චන්ද්රිකා එකම කක්ෂයක ගමන් කරන්න සිද්ධ වෙන්නේ ඒවාට නිරන්තරයෙන් හිරු එළිය අවශ්ය නිසයි. මේ නිසා රාත්රී අහසේ තරු රටා වෙනුවට චන්ද්රිකා දහස් ගණනක් එක පෙළට ගමන් කරන දර්ශනයක් දකින්න ලැබෙනවා. මේක තාරකා විද්යාඥයන්ට ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ, මේ නිසා විශ්වය නිරීක්ෂණය කිරීමේ හැකියාව සදහටම අහිමි වෙන්න පුළුවන් නිසයි. අනාගතයේදී අපේ අහස තරු වලින් නෙවෙයි, මිනිසා විසින් හදපු මේ කෘතිම වළල්ලෙන් පිරී යාවිද කියන එක දැන් ලොකු ප්රශ්නයක් වෙලා තියෙනවා.

Discussion & Feedback