Netflix ආයතනය විසින් නිෂ්පාදනය කරන අලුත්ම කතාමාලාවක් වන ‘The Retrievals’ සඳහා ප්රවීණ රංගන ශිල්පිනී ඇමී රයන් සහ එමීලියා ජෝන්ස් එකතු වෙන්න තීරණය කරලා තියෙනවා. මේ කතාමාලාව නිර්මාණය වෙන්නේ ‘Maid’ සහ ‘Sirens’ වැනි ජනප්රිය කතාමාලා නිර්මාණය කළ මෝලි ස්මිත් මෙට්ස්ලර්ගේ අධ්යක්ෂණයෙන්. ඇත්ත සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතාමාලාව, යේල් විශ්වවිද්යාලයේ සාරවත් බව පිළිබඳ මධ්යස්ථානයක (IVF Center) සිදුවුණු කම්පන සහගත සිදුවීමක් වටා ගෙතෙනවා. එහිදී හෙදියක් විසින් රෝගීන්ට ලබා දිය යුතු වේදනා නාශක ඖෂධ සොරකම් කිරීම නිසා, රෝගීන් විශාල පිරිසකට නිර්වින්දනයකින් තොරව සැත්කම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
මේ කතාමාලාවේ ඇමී රයන් රඟපාන්නේ එම ඖෂධ සොරකම් කළ හෙදිය වන කාර්ලා රුසෝගේ චරිතයයි. එමෙන්ම එමීලියා ජෝන්ස් රඟපාන්නේ මේ අසාධාරණයට එරෙහිව නීතිමය සටනක් දියත් කරන ගැබි ක්ලෙමන්ටේ නම් රෝගියාගේ චරිතයයි. සුසාන් බර්ටන්ගේ ජනප්රිය පොඩ්කාස්ට් වැඩසටහනක් ඇසුරින් නිර්මාණය වන මේ කතාමාලාව, වින්දිතයන් පිරිසක් එකතු වෙලා විශ්වවිද්යාලයට එරෙහිව කරන සටන ඉතාම සංවේදීව සහ තාත්විකව පෙන්නුම් කරනවා. මාගොට් රොබී ඇතුළු පිරිසක් මේ කතාමාලාවේ විධායක නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරන අතර, නුදුරේදීම Netflix හරහා මෙය නරඹන්නන්ට බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback