Netflix හි ‘Amy Bradley Is Missing’ වැනි ජනප්රිය වාර්තාමය වැඩසටහන් නිෂ්පාදනය කළ Ample Entertainment ආයතනය දැන් අලුත්ම ගමනකට සූදානම් වෙනවා. ඔවුන් තමන්ගේම කියලා අලුත් යූටියුබ් නාලිකාවක් ආරම්භ කරලා, ඒ හරහා උසස් තත්ත්වයේ අපරාධ කතා මාලා (True-Crime) ප්රේක්ෂකයන්ට ගෙන එන්නයි සැලසුම් කරලා තියෙන්නේ. මේ යටතේ ‘Ample Investigates’ සහ ‘Somebody Knows Something’ කියලා වැඩසටහන් මාලා දෙකක් ඉතා ඉක්මනින් දකින්න පුළුවන්.
‘Ample Investigates’ හරහා ලෝකයේ කතාබහට ලක්වුණු අභිරහස් අපරාධ සිදුවීම් ගැන අලුත් තොරතුරු සහ විමර්ශන ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඉසබෙලා ගාඩ්නර් කෞතුකාගාරයේ සිදු වූ මංකොල්ලය, සෙත් රිච්ගේ ඝාතනය සහ ජිමී හොෆා සොයාගැනීම වැනි සිදුවීම් මෙහිදී විමර්ශනය කෙරෙනවා. අගෝස්තු 07 වැනිදා සිට මේවා නරඹන්න පුළුවන්. ඒ වගේම ‘Somebody Knows Something’ වැඩසටහන මෙහෙයවන්නේ පැහැරගැනීමකින් දිවි ගලවා ගත් කරා රොබින්සන් චේම්බර්ලේන් විසින්. ඇය අගෝස්තු 10 වැනිදා සිට විවිධ අමුත්තන් සමඟ එකතු වෙලා මේ අපරාධ සිදුවීම් ගැන ගැඹුරින් කතා කරනවා.
මේ ගැන අදහස් දක්වපු Ample ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ආරී මාර්ක් කිව්වේ, ප්රේක්ෂකයන්ට ගුණාත්මක සහ උසස් මට්ටමේ නිර්මාණ කෙළින්ම ලබාදීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව කියලා. රූපවාහිනී නාලිකා සහ ස්ට්රීම්ින් සේවාවන් සඳහා වැඩසටහන් නිෂ්පාදනය කරන අතරම, යූටියුබ් හරහා තමන්ගේ නිර්මාණාත්මක හැකියාවන් තවදුරටත් පුළුල් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපරාධ කතා වලට කැමති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක් වේවි.

Discussion & Feedback