ට්විච් (Twitch) වේදිකාවේ ඉන්න නිර්මාණකරුවන්ගේ වීඩියෝ සහ හඬ පට, ඔවුන්ගේ අවසරයකින් තොරව ඇමසන් සමාගමේ ජෙනරේටිව් AI මාදිලි පුහුණු කිරීම සඳහා යොදා ගැනීමට තීරණය කරලා තියෙනවා. මේ වැඩේ වෙන්නේ ස්වයංක්රීයවයි. ඒ කියන්නේ, ඔබ මේ ගැන දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ වීඩියෝ ඇමසන් එකේ AI එක හදන්න පාවිච්චි වෙනවා. මේ තීරණය නිසා ට්විච් භාවිතා කරන ගොඩක් දෙනෙක් දැඩි විරෝධයක් පළ කරනවා. මොකද, මේක තමන්ගේ පෞද්ගලික නිර්මාණ සොරකම් කිරීමක් වගේ දෙයක් විදියටයි ගොඩක් අය දකින්නේ.
මේ සම්බන්ධයෙන් ට්විච් ආයතනයේ ඉහළ නිලධාරීන් පැහැදිලි කරන්නේ, මේක ‘opt-in’ විදියට තිබ්බොත් කවුරුවත් කැමති වෙන්නේ නැති නිසා තමයි ස්වයංක්රීයවම මේ දේ සිද්ධ වෙන්න හදලා තියෙන්නේ කියලා. ඒත්, මේකෙන් නිර්මාණකරුවන්ට ලොකු ගැටලුවක් මතු වෙලා තියෙනවා. දැනටමත් තමන්ගේ වීඩියෝ මේ සඳහා පාවිච්චි කරලා තියෙනවද කියන එක ගැනවත් නිලධාරීන්ට හරියටම උත්තරයක් දෙන්න බැරි වෙලා තියෙනවා. මේක ඇත්තටම නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම්වලට ලොකු බලපෑමක්.
ඔබත් ට්විච් ස්ට්රීමර් කෙනෙක් නම්, මේ දේ නවත්වන්න පුළුවන්. ඒ සඳහා ඔබේ ට්විච් ගිණුමේ ‘Settings’ වලට ගිහින් ‘Security and Privacy’ ටැබ් එක තෝරගන්න. එතන තියෙන ‘Training for generative AI’ කියන ඔප්ෂන් එක හොයාගෙන ඒක ‘Off’ කරලා තියාගන්න පුළුවන්. මේ විදියට ඔබට ඔබේ අන්තර්ගතය AI පුහුණුවෙන් ආරක්ෂා කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම ගිහින් මේ සැකසුම වෙනස් කරගන්න එක තමයි හොඳම දේ.

Discussion & Feedback