ඇමසන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන ‘මෙකැනිකල් ටර්ක්’ (Mechanical Turk) සේවාව සම්බන්ධයෙන් වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, 2026 ජූලි 30 වැනිදායින් පසුව මෙම සේවාව සඳහා අලුතින් පාරිභෝගිකයන් ලියාපදිංචි කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන බව ඔවුන් නිවේදනය කරලා තියෙනවා. දැනට මෙම සේවාව භාවිතා කරන පාරිභෝගිකයන්ට දිගටම එය භාවිත කරන්න පුළුවන් වුණත්, අලුතින් කිසිදු විශේෂාංගයක් හෝ වැඩිදියුණු කිරීමක් සිදු නොකරන බවයි ඇමසන් වෙබ් සර්විසස් ආයතනය පවසන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ ඇමසන් සමාගම මෙම සේවාව ක්රමයෙන් අත්හැර දැමීමට සූදානම් වන බවයි.
2005 වසරේදී ආරම්භ කරපු මෙම වේදිකාව, ස්වයංක්රීයව සිදු කළ නොහැකි කුඩා කාර්යයන් මිනිසුන් ලවා කරවා ගැනීමට යොදා ගත්තා. පසුකාලීනව කෘතිම බුද්ධිය (AI) පුහුණු කිරීම සඳහා දත්ත සැකසීමටත් මෙය විශාල වශයෙන් භාවිතා වුණා. නමුත් මෑත කාලයේදී මෙම වේදිකාව තුළ බොට්ස්ලාගේ බලපෑම සහ වංචනික ක්රියාකාරකම් වැඩිවීම නිසා බොහෝ දෙනා මෙයින් ඉවත් වෙමින් සිටිනවා. විශේෂයෙන්ම, මෙහි වැඩ කරන අය පවා තමන්ගේ කාර්යයන් සඳහා AI තාක්ෂණයම භාවිතා කිරීමට පටන් ගැනීම නිසා, මෙම වේදිකාවේ පැවැත්ම පිළිබඳව විශාල ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඒ නිසාම, ඇමසන් සමාගම මෙම සේවාව සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බවයි තාක්ෂණික ක්ෂේත්රයේ බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback