ලෝකයේ ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන ඇමසන්, ඉන්දියාවේ සිය කෘත්‍රිම බුද්ධි (AI) සහ ක්ලවුඩ් යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා අමතර ඩොලර් බිලියන 13ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නවදිල්ලි නුවරදී පැවති සාකච්ඡාවකින් පසුවයි. මෙම මුදල් ප්‍රධාන වශයෙන් මුම්බායි සහ හයිද්‍රාබාද් නගරවල පිහිටි ඇමසන් වෙබ් සර්විසස් (AWS) දත්ත මධ්‍යස්ථානවල ධාරිතාව වැඩි කිරීමට යොදවනු ඇති අතර, ඒ හරහා 2030 වසර වන විට ඉන්දියාවේ සමස්ත ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 48ක් දක්වා ඉහළ යනවා.
ඉන්දියාව ගෝලීය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් පවතින පසුබිමක, මයික්‍රොසොෆ්ට් සහ ගූගල් වැනි දැවැන්තයන් ද මේ වන විටත් ඉන්දියාවේ විශාල ආයෝජන සිදු කර තිබෙනවා. ඇමසන් සමාගම සිය තාක්ෂණික දියුණුවට අමතරව, ඉන්දියාවේ සිල්ලර වෙළඳාම සහ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ‘ඇමසන් නව්’ (Amazon Now) සේවාව නගර 300කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත කිරීමටත්, නව බෙදාහැරීමේ මධ්‍යස්ථාන සිය ගණනක් ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ක්ෂණික භාණ්ඩ බෙදාහැරීමේ වෙළඳපොළ තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම ඇමසන් සමාගමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

Discussion & Feedback