දැන් ඉන්න තරුණ පරපුර ප්රවෘත්ති දැනගන්න වැඩිපුරම කැමති ටිකටොක්, ඉන්ස්ටග්රෑම් වගේ කෙටි වීඩියෝ ප්ලැට්ෆෝම් හරහායි. මේ දේ තේරුම් ගත්ත ඇමසන් ප්රයිම් වීඩියෝ ආයතනය, තමන්ගේ ප්රයිම් වීඩියෝ ඇප් එකට කෙටි පුවත් වීඩියෝ (short-form news clips) එකතු කරන්න තීරණය කරලා තියෙනවා. මුලින්ම මේ පහසුකම රූපවාහිනී සහ විවිධ උපාංග හරහා ලබාගන්න පුළුවන් වුණත්, ඉදිරියේදී ජංගම දුරකථන සහ වෙබ් අඩවි හරහාත් මේවා බලන්න පුළුවන් වෙනවා.
මේ කෙටි පුවත් වීඩියෝ ඇමසන් ප්රයිම් ඇප් එකේ ‘News’ කොටස යටතේ ‘Trending Topics’ සහ ‘Local News’ කියන තැන්වලින් ඔයාලට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඇමසන් මේ වගේ පියවරක් ගන්නේ තරුණ පරපුරේ අවධානය දිනාගන්නයි. හැබැයි මේ කෙටි වීඩියෝ ටිකටොක් එකේ තියෙන වීඩියෝ වගේම සිරස් අතට (vertical) දර්ශනය වෙයිද කියන එක ගැන තාම නිශ්චිත තොරතුරක් නම් ලැබිලා නැහැ.
ඇත්තටම මේ වගේ කෙටි වීඩියෝ අත්හදා බලන එකම ආයතනය ඇමසන් විතරක්ම නෙවෙයි. මීට කලින් පීකොක්, නෙට්ෆ්ලික්ස්, එච්.බී.ඕ මැක්ස් සහ ඩිස්නි ප්ලස් වගේ ආයතනත් මේ වගේ කෙටි වීඩියෝ අන්තර්ගතයන් තමන්ගේ ප්ලැට්ෆෝම්වලට එකතු කරලා තියෙනවා. මිනිස්සු දැන් පැය ගණන් දිග වීඩියෝ බලනවාට වඩා, විනාඩි කිහිපයකින් තොරතුරු දැනගන්න කැමති නිසා මේ වෙනස මුළු ලෝකෙම ස්ට්රීමින්ග් සේවාවන් අතර ලොකු ප්රවණතාවක් වෙලා තියෙනවා.

Discussion & Feedback