ජනප්‍රිය ‘ද බෝයිස්’ සහ ‘ප්‍රීචර්’ කතා මාලාවල නිර්මාණකරු වන ගාත් එනිස් එක්ක ඇමසන් එම්.ජී.එම්. ස්ටූඩියෝස් ආයතනය තවත් අලුත් ගමනක් පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. මේ පාර ඔවුන් තෝරගෙන තියෙන්නේ එනිස්ගේම නිර්මාණයක් වන ‘ෆ්‍රෙඩී ද ෆික්ස්’ (Freddie the Fix) කියන භීෂණ කොමික් පොත චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරන්නයි. මේ වැඩේ අධ්‍යක්ෂණය කරන්න බාර අරන් තියෙන්නේ ‘වන් ඔෆ් දෙම් ඩේස්’ හරහා දක්ෂතා පෙන්නපු ලෝරන්ස් ලැමොන්ට් විසින්. මේ කොමික් පොත පසුගිය දෙසැම්බර් මාසයේදී එළිදැක්වුණු අතර ඉතා කෙටි කාලයකින් රසිකයන් අතර ලොකු ජනප්‍රියත්වයක් ලබාගන්න සමත් වුණා.
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ෆ්‍රෙඩී කියන පුද්ගලයා. එයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, අද්භූත බලවතුන්ගේ සහ හොලිවුඩ් තරු වගේ අමුතුම පාරිභෝගිකයන්ගේ ප්‍රශ්න විසඳන ‘ෆික්සර්’ කෙනෙක්. සාමාන්‍ය අපරාධ කතා වගේ නෙවෙයි, මේකේ භීෂණය, අපරාධ සහ හොලිවුඩ් ලෝකයේ තියෙන රහස් එකතු වෙලා තියෙනවා. මයික් පර්කින්ස්ගේ චිත්රවලින් හැඩවුණු මේ කතාව එකම වෙළුමකින් සමන්විත වුණත්, ඒකේ තියෙන ගැඹුරු සහ අමුතු කතා තේමාව නිසාම ඇමසන් ආයතනය මේක චිත්‍රපටයක් කරන්න තීරණය කරලා තියෙනවා.
ද බෝයිස් රසිකයන්ට මේ ආරංචිය ගොඩක් විශේෂ වෙන්නේ, එනිස්ගේ අමුතුම විදියේ කතා විලාසය මේ චිත්‍රපටයෙනුත් බලාගන්න පුළුවන් නිසයි. දැනටමත් මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් රසිකයන් අතර තියෙනවා. ඉතින්, මේ අද්භූත සහ භීෂණ පිරුණු හොලිවුඩ් කතාව කොයි වගේ එකක් වෙයිද කියලා බලන්න අපි හැමෝටම පුළුවන් වෙයි.

Discussion & Feedback