ලෝක ප්රසිද්ධ අධ්යක්ෂක ගයි රිචී තමන්ගේ අලුත්ම වැඩේ විදියට ලන්ඩන් නුවර කේන්ද්ර කරගත්ත අපරාධ කතා මාලාවක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. ‘Capital’ කියලා නම් කරලා තියෙන මේ අලුත්ම කතා මාලාව Amazon MGM Studios එක්ක එකතු වෙලා තමයි ඔහු කරන්නේ. මේ වැඩේට රිචී එක්ක රොබ් විලියම්ස් දායක වෙනවා. මේ කතා මාලාවෙන් නූතන ලන්ඩන් නුවර තියෙන අඳුරු පැතිකඩ සහ අපරාධ ලෝකය ගැන ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
ගයි රිචී කියන්නේ දැනටමත් Amazon Prime හරහා ලොකු සාර්ථකත්වයක් ලබපු ‘Young Sherlock’ කතා මාලාවේ නිර්මාතෘවරයා. ඒකේ තියෙන ජනප්රියත්වය නිසාම තමයි Amazon ආයතනය ඔහුත් එක්ක මේ අලුත් ගමන පටන් ගන්න තීරණය කරලා තියෙන්නේ. දැනට මේ කතා මාලාව මූලික අවධියේ තමයි තියෙන්නේ, ඒ නිසා රංගන ශිල්පීන් කවුද කියන එක ගැන තාම කිසිම දෙයක් එළියට ඇවිත් නැහැ. කොහොම වුණත්, ගයි රිචීගේ වෙනස්ම විදියේ නිර්මාණ රටාව එක්ක මේකත් ලෝකය පුරාම ඉන්න ප්රේක්ෂකයන්ට ලොකු කුතුහලයක් ඇති කරන එකක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
මේ කතා මාලාව නිෂ්පාදනය කරන්නේ Vice Studios සහ ජැක් ටාර් පික්චර්ස් ආයතන එකතු වෙලා. ගයි රිචීගේ නිෂ්පාදන සහකරුවෙක් වෙන අයිවන් ඇට්කින්සන් ඇතුළු පිරිසක් මේ සඳහා විධායක නිෂ්පාදකවරුන් විදියට සම්බන්ධ වෙනවා. ‘Young Sherlock’ වගේම මේකත් ලෝකයේම අවධානය දිනාගන්නා විශිෂ්ට නිර්මාණයක් වේවි කියලා තමයි සිනමා ලෝලීන් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback