ජනප්රිය ‘You’ කතා මාලාව හරහා ලොවම දිනාගත් පෙන් බැජ්ලි, මේ දිනවල තවත් අලුත්ම අභිරහස් කතා මාලාවකට එකතු වෙන්න සූදානම් වෙනවා. බෙන්ජමින් ස්ටීවන්සන්ගේ ජනප්රියම නවකතාවක් වන ‘Everyone in My Family Has Killed Someone’ ඇසුරින් නිර්මාණය වන මෙම කතා මාලාව ඇමසන් එම්.ජී.එම් (Amazon MGM) ස්ටූඩියෝව විසින් නිෂ්පාදනය කරනවා. මෙහි ප්රධාන චරිතය වන අර්න් කනින්හැම් ලෙස පෙන් බැජ්ලි රඟපාන අතර, ‘The Holdovers’ චිත්රපටයේ තිර රචක ඩේවිඩ් හෙමින්ග්සන් මෙහි ප්රධාන නිර්මාණකරුවා ලෙස කටයුතු කරනවා.
මෙම කතාව ගෙතෙන්නේ වර්මොන්ට් කඳුකරයේ පවුලේ සාදයකට සහභාගී වන අර්න් කනින්හැම් වටායි. හිරෙන් නිදහස් වී එන ඔහුගේ සහෝදරයාව පිළිගැනීමට යන අතරතුර, හදිසියේම මළ සිරුරක් හමුවීමත් සමඟ පවුලේ සැමදෙනාම සැකකරුවන් බවට පත්වෙනවා. විශේෂත්වය වන්නේ මේ පවුලේ සෑම සාමාජිකයෙක්ම මීට පෙර කවර හෝ අවස්ථාවක මිනීමැරුමක් සිදු කර තිබීමයි. හිම කුණාටුවක් නිසා ඔවුන් සියලු දෙනාම නිවස තුළ කොටුවීමත් සමඟ කතාව තවත් උණුසුම් වෙනවා.
මෙම කතා මාලාව අඳුරු හාස්යය සහ අභිරහස මුසු වූ අපූරු නිර්මාණයක් වනු ඇති බවයි නිෂ්පාදකවරුන් පවසන්නේ. පෙන් බැජ්ලිගේ රංගන දක්ෂතාවයත්, ඩේවිඩ් හෙමින්ග්සන්ගේ තියුණු තිර රචනයත් එකතු වූ විට මෙය ප්රයිම් වීඩියෝ (Prime Video) ඔස්සේ නරඹන්නන්ට ලැබෙන විශිෂ්ට අත්දැකීමක් වේවි. දැනටමත් ලොව පුරා පාඨකයන් අතර ජනප්රිය වූ මෙම පොත් මාලාව තිරගත වීම ගැන රසිකයන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා.

Discussion & Feedback