ඇමසන් සමාගම විසින් ඔවුන්ගේ නවතම AI තාක්ෂණයෙන් බලගැන්වෙන Alexa+ පහසුකම දැන් ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගන්න පුළුවන් විදිහට හඳුන්වා දීලා තියෙනවා. කලින් මේ සඳහා මාසිකව ඩොලර් 19.99ක මුදලක් ගෙවන්න සිද්ධ වුණත්, දැන් ඇමසන් ප්රයිම් සාමාජිකත්වයක් නැති අයට වුණත් කිසිම අමතර ගාස්තුවක් නැතුව මේ පහසුකම භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඇමසන් ෆයර් ටීවී ස්ටික්, ෆයර් ටීවී කියුබ් සහ හයිසන්ස් හෝ පැනසොනික් වගේ ස්මාර්ට් ටීවී භාවිතා කරන අයට මේ අලුත් යාවත්කාලීනය ස්වයංක්රීයවම ලැබෙනවා.
මේ Alexa+ හරහා ඔයාට ටීවී එකත් එක්ක හරිම පහසුවෙන් කතා කරලා වැඩ කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ඔයාට බලන්න ඕන චිත්රපටයේ නම හරියටම මතක නැති වුණත්, ‘ජනප්රිය ත්රාසජනක චිත්රපටයක් පෙන්වන්න’ වගේ විදිහට කිව්වම AI එක මගින් ඔයාට ගැලපෙන දේවල් යෝජනා කරනවා. ඒ විතරක් නෙවෙයි, ගෙදර තියෙන ස්මාර්ට් උපකරණ පාලනය කරන්නත්, රින්ග් කැමරා දර්ශන ටීවී එකෙන්ම බලාගන්නත් මේ තාක්ෂණය උදව් වෙනවා. ගූගල් සහ රොකු වගේ සමාගම් දැනටමත් මේ වගේ AI පහසුකම් හඳුන්වා දීලා තියෙන නිසා, ඇමසන් සමාගමත් මේ පියවර ගත්තේ පාරිභෝගිකයන්ට වඩාත් පහසු අත්දැකීමක් ලබාදීමේ අරමුණින්. ඉතින් ඔයා ළඟත් ෆයර් ටීවී එකක් තියෙනවා නම්, අදම මේ අලුත් වෙනස්කම් අත්විඳලා බලන්න පුළුවන්.

Discussion & Feedback