කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ (AI) වේගවත් වර්ධනයත් එක්ක ඇමසන් සහ එන්විඩියා සමාගම් අතර තියෙන හවුල්කාරිත්වය තවත් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ අනුව, ඉදිරි වසර කිහිපය ඇතුළත එන්විඩියා සමාගමේ අති නවීන GPU චිප්ස් මිලියන 2ක් තම දත්ත මධ්‍යස්ථාන වෙත ලබාගන්න ඇමසන් සමාගම තීරණය කරලා තියෙනවා. මේ පියවර ගන්නේ ලොව පුරා ආයතන, රජයන් සහ විවිධ තාක්ෂණික ආයතනවලින් AI තාක්ෂණය සඳහා තියෙන ඉල්ලුම පෙරටත් වඩා ඉහළ ගිහින් තියෙන නිසයි. මේ ගනුදෙනුව ඇමසන් සමාගම මීට මාස පහකට කලින් අත්සන් කරපු ගිවිසුමටත් වඩා විශාල එකක් වීම විශේෂත්වයක්.
ඇමසන් සමාගම තමන්ගේම AI චිප්ස් නිෂ්පාදනය කරන්න උත්සාහ කළත්, එන්විඩියා සමාගමේ තාක්ෂණය තවමත් මේ ක්ෂේත්රයේ ඉහළින්ම තියෙන බව මේ ගනුදෙනුවෙන් පැහැදිලි වෙනවා. චිප්ස්වලට අමතරව, එන්විඩියා සමාගමේ රොබෝ තාක්ෂණය, මෘදුකාංග සහ ඔවුන්ගේ නවතම Vera CPU ඇතුළු සමස්ත තාක්ෂණික පද්ධතියම ඇමසන් වෙබ් සර්විසස් (AWS) හරහා ක්‍රියාත්මක කරන්න දෙපාර්ශවයම එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමසන් ගබඩාවල වැඩ කරන රොබෝවරුන්ගේ සිට ව්‍යාපාරික මට්ටමේ AI සේවා දක්වා මේ තාක්ෂණය යොදාගන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ දැවැන්ත ආයෝජනය හරහා ඉදිරි වසර කිහිපයේදී කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ විශාල පෙරළියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback