තමන්ගේ මිතුරියක වූ මෙරඩිත් කෙචර් ඝාතනය කිරීමේ චෝදනාවට වරක් වැරදි ලෙස වරදකරු වූ අමන්දා නොක්ස්, මේ දිනවල එඩින්බරෝ ෆ්රින්ජ් උළෙලේදී ඉදිරිපත් කිරීමට නියමිත ඇගේ ‘කාට්වීල්’ (Cartwheel) නාට්‍යය නිසා දැඩි කතාබහකට ලක්වෙලා ඉන්නවා. මෙම නාට්‍යය අවලංගු කරන ලෙස ඉල්ලමින් දස දහසකට අධික පිරිසක් අත්සන් තැබූ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙරඩිත්ගේ හිතවතෙකු විසින් ආරම්භ කළ මෙම පෙත්සමෙන් කියවෙන්නේ, අමන්දා මෙම ඛේදවාචකය විනෝදාස්වාදයක් බවට පත් කරමින් මෙරඩිත්ගේ මතකයට අපහාස කරන බවයි.
නමුත් අමන්දා නොක්ස් පවසන්නේ තමන්ගේ නාට්‍යය කිසිසේත්ම එවැනි අරමුණකින් නිර්මාණය වූවක් නොවන බවයි. ඇය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රකාශ කර තිබෙන්නේ, ‘කාට්වීල්’ යනු මව්පිය භූමිකාව සහ අසාධාරණ ලෝකයක දියණියක හදා වඩා ගැනීමේ අභියෝග ගැන කතා කරන නිර්මාණයක් බවයි. තමන්ට සහ මෙරඩිත්ට සිදුවූ අසාධාරණය ගැන මෙහිදී අවධාරණය කරන බවත්, කිසිවෙකුත් නාට්‍යය නරඹා නොමැතිව වැරදි නිගමනවලට එළඹ ඇති බවත් ඇය පවසනවා. බොහෝ කලාකරුවන් සංකීර්ණ මාතෘකා සාකච්ඡා කිරීමට වේදිකාව යොදා ගන්නා සේම, තමන්ද උත්සාහ කරන්නේ එවැනි ගැඹුරු අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දීමට බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර, එඩින්බරෝ උළෙලේ සංවිධායකයින් සහ නාට්‍යය පැවැත්වෙන ස්ථානයේ බලධාරීන් පවසන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමින්, සැලසුම් කළ පරිදිම මෙම නාට්‍යය වේදිකාගත කිරීමට ඉඩ ලබා දෙන බවයි. 2007 වසරේ සිදුවූ එම ඝාතනය සම්බන්ධයෙන් වරක් සිරගතව සිට පසුව නිදොස් කොට නිදහස් වූ අමන්දා, වසර ගණනාවකට පසුව වුවද තවමත් තමන්ගේ පැත්තෙන් සත්‍යය ලෝකයට පැවසීමට උත්සාහ දරමින් සිටින බවයි මෙම සිදුවීමෙන් පෙනී යන්නේ.

Discussion & Feedback