ලොව පුරා රසිකයින් ආදරය කරන Heartstopper කතා මාලාවේ අවසානය සනිටුහන් කරමින් ‘Heartstopper Forever’ චිත්රපටය දැන් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නරඹන්න පුළුවන්. ඇලිස් ඔස්මන්ගේ හයවන ග්රැෆික් නවකතාව සහ ‘Nick and Charlie’ කෙටි නවකතාව ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්රපටය, නික් නෙල්සන් සහ චාලි ස්ප්රින්ග්ගේ ආදර කතාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. නික් විශ්වවිද්යාල අධ්යාපනය සඳහා ලීඩ්ස් වෙත පිටත්ව යාමට සූදානම් වීමත් සමඟ ඔවුන්ගේ මිතුරු කණ්ඩායමේ සාමාජිකයින් විවිධ රටවලට සහ වෙනස් අනාගත ඉලක්ක කරා විසිරී යන ආකාරය මෙහි ඉතා සංවේදීව දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම එල් බර්ලින් බලා පිටත්ව යාම වැනි සිදුවීම් කතාවට අලුත් අත්දැකීමක් එකතු කරනවා.
Heartstopper කතා මාලාව එහි සංගීත රටාව නිසාම බොහෝ දෙනා අතර ජනප්රිය වුණා. ඒ වගේම මේ අලුත්ම චිත්රපටයෙත් ඉතාමත් ආකර්ෂණීය ගීත එකතුවක් අන්තර්ගතයි. මීට පෙර කතා මාලාවේ අහන්න ලැබුණු බේබි ක්වීන්, බිලී අයිලිෂ් සහ වසියා ප්රොජෙක්ට් වැනි කලාකරුවන්ගේ නිර්මාණ මෙන්ම, මෙවර රොයෙල් ඕටිස්, ගිගී පෙරෙස් සහ සුෆ්ජාන් ස්ටීවන්ස් වැනි ජනප්රිය ශිල්පීන්ගේ ගීතත් ඇතුළත් වෙනවා. චිත්රපටයේ ට්රේලරය සඳහා ඔලිවියා රොඩ්රිගෝගේ ගීතයක් භාවිතා කර තිබීමත් රසිකයින් අතර ලොකු කතාබහක් ඇති කළා. ඔබත් Heartstopper රසිකයෙක් නම්, මේ චිත්රපටය නරඹන අතරතුර එහි ඇතුළත් සංගීතයත් අනිවාර්යයෙන්ම විඳගන්න පුළුවන්.

Discussion & Feedback