හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්රිය ‘Aliens’ චිත්රපටය තිරගත වෙලා දැන් වසර 40ක් ගෙවිලා ගිහින්. 1986 දී තිරගත වුණු මේ චිත්රපටය, මුල් චිත්රපටයේ තිබුණු බියකරු බව වෙනුවට ක්රියාදාම සහ උද්වේගකර අත්දැකීමක් ප්රේක්ෂකයන්ට ලබා දුන්නා. ඒ වගේම එලන් රිප්ලිගේ චරිතය හරහා සිගෝනි වීවර් කරපු රංගනය අදටත් සිනමා ලෝලීන්ගේ මතකයේ තියෙනවා. හැබැයි මේ විශිෂ්ට නිර්මාණය පිටුපස තියෙන්නේ හරිම අමාරු ගමනක්. ජේම්ස් කැමරන් මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්න කලින් දෙපාරක්ම ව්යාපෘතියෙන් අයින් වෙන්න තීරණය කරලා තිබුණා.
මුලින්ම චිත්රපට නිෂ්පාදකයන් මේ නිර්මාණය ගැන එච්චර උනන්දුවක් දක්වලා නැහැ. ඒ විතරක් නෙවෙයි, අයවැය ප්රශ්න නිසා කැමරන්ට චිත්රපටය අතහැරලා යන්න පවා සිද්ධ වුණා. ඒ වගේම ප්රධාන නිළිය විදිහට සිගෝනි වීවර්ව නැතුව චිත්රපටය කරන්න චිත්රාගාරය උත්සාහ කළත්, කැමරන් ඒකට තදින්ම විරුද්ධ වුණා. කොහොම හරි නිෂ්පාදක ලැරී ගෝර්ඩන් මැදිහත් වෙලා මේ ගැටලු විසඳගත්ත නිසා තමයි අද අපිට මේ වගේ විශිෂ්ට සිනමා නිර්මාණයක් රසවිඳින්න ලැබිලා තියෙන්නේ. අදටත් මේ චිත්රපටය සයි-ෆයි (Sci-fi) ගණයේ හොඳම නිර්මාණයක් විදිහට ලෝකයම පිළිගන්නවා.

Discussion & Feedback