අභ්යවකාශයේ ජීවය පවතින ග්රහලෝකයක් සොයා ගැනීමේදී විද්යාඥයින් ප්රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ තරුවකට ආසන්නව පිහිටි, ද්රව ජලය පැවතිය හැකි ‘වාසයට සුදුසු කලාපය’ ගැනයි. නමුත් කැලිෆෝනියා විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ නවතම අධ්යයනයකින් හෙළි වී තිබෙන්නේ, ග්රහලෝකයක් වාසයට සුදුසු වීමට නම් එහි වායුගෝලය රඳවා ගැනීමේ හැකියාව අත්යවශ්ය බවයි. පෘථිවියට සමාන ග්රහලෝකවල වායුගෝලය කාලයත් සමඟ විනාශ වන ආකාරය ගැන මොවුන් පරිගණක ආකෘති මගින් පරීක්ෂා කර තිබෙනවා.
මෙම පර්යේෂණයට අනුව, ග්රහලෝකයකට අවම වශයෙන් අඟහරු ග්රහයාගේ ප්රමාණය හෝ තිබිය යුතුයි. පෘථිවියෙන් 80%ක ප්රමාණයකවත් නොමැති කුඩා ග්රහලෝකවලට ඒවායේ වායුගෝලය දිගු කාලයක් රඳවා ගැනීමට නොහැකි බවයි විද්යාඥයින් පවසන්නේ. මෙයට හේතුව වන්නේ කුඩා ග්රහලෝකවල ගුරුත්වාකර්ෂණය අඩු වීම සහ ඒවායේ අභ්යන්තරය ඉක්මනින් සිසිල් වී ගිනිකඳු ක්රියාකාරිත්වය නතර වීමයි. ගිනිකඳු මගින් වායුගෝලයට නිකුත් කරන වායු නැවත පිරවීමට නොහැකි වීම නිසා, තරුවකින් එන විකිරණ හමුවේ වායුගෝලය ඉතා ඉක්මනින් විනාශ වී යනවා.
කෙසේ වෙතත්, කාබන් වැනි මූලද්රව්ය වැඩිපුර පවතින ග්රහලෝකවලට පෘථිවියෙන් 60%ක ප්රමාණයක සිට වුවද වායුගෝලය පවත්වා ගැනීමේ හැකියාව තිබිය හැකි බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා. අභ්යවකාශයේ පවතින දහස් ගණන් ග්රහලෝක අතරින් ජීවය පැවතිය හැකි ග්රහලෝක හඳුනා ගැනීමට මෙම සොයාගැනීම තාරකා විද්යාඥයින්ට විශාල පිටුවහලක් වේවි. මේ නිසා ඉදිරියේදී දුරේක්ෂ භාවිතයෙන් සිදු කරන නිරීක්ෂණ වඩාත් සාර්ථක කර ගැනීමටත්, නිවැරදි ඉලක්ක වෙත අවධානය යොමු කිරීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා.

Discussion & Feedback