ජනප්රිය FX කතාමාලාවක් වන ‘Alien: Earth’ හි දෙවන සමය ගැන රසිකයන්ට අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි, ‘Silo’ සහ ‘Hijack’ වැනි ජනප්රිය කතාමාලාවල කැමරා අධ්යක්ෂවරයෙක් විදිහට වැඩ කරපු එඩ් මුවර්, මේ දෙවන සමයේ අවසාන කොටස අධ්යක්ෂණය කරන්න එකතු වෙලා ඉන්නවා කියන එක. එඩ් මුවර් තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ මේ ගැන සටහනක් තබමින් කියලා තිබුණේ, මේක තමන්ගේ අධ්යක්ෂණ ජීවිතයේ ලොකු පියවරක් කියලා. ඔහු දාපු ඡායාරූපයේ තියෙන ස්ලේට් එකේ ඔහුගේ නම සඳහන් වෙලා තියෙන නිසා, මේ වන විට ‘Alien: Earth’ දෙවන සමයේ රූගත කිරීම් කටයුතු අවසන් වෙලා තියෙනවා කියලා තමයි බොහෝ දෙනා අනුමාන කරන්නේ.
නෝවා හොව්ලිගේ නිර්මාණයක් වන මේ කතාමාලාවේ දෙවන සමය ගැන තවමත් ලොකු රහසක් තියෙනවා. පළමු සමයේ අවසානයේ වෙන්ඩි ඇතුළු පිරිස ප්රොඩිජි ආයතනය පාලනයට ගත්තට පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි දෙවන සමයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තිමෝති ඔලිෆන්ට්, එසී ඩේවිස් වැනි ප්රවීණ නළු නිළියන් රැසක් මේ සමයේදීත් අපිට දකින්න ලැබෙනවා. දැනට මේ කතාමාලාව විකාශය වන දිනයක් ගැන නිල වශයෙන් ප්රකාශ කරලා නැති වුණත්, රසිකයන් මේ වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. පළමු සමය දැනටමත් හුලූ (Hulu) හරහා නරඹන්න පුළුවන්.

Discussion & Feedback