චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගමක් වන අලිබබා, ඇන්ත්‍රොපික් (Anthropic) ආයතනය විසින් නිර්මාණය කරපු ‘Claude Code’ නම් ප්‍රෝග්‍රැමින් ටූල් එක භාවිත කිරීම තම සේවකයින්ට තහනම් කරන්න තීරණය කරලා තියෙනවා. මේ තහනම එළඹෙන ජූලි 10 වැනිදා සිට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඇත්තටම ඇන්ත්‍රොපික් සමාගම දැනටමත් චීන සමාගම්වලට සහ ඔවුන්ට අයිති විදේශීය ආයතනවලට තමන්ගේ AI මාදිලි භාවිත කිරීම තහනම් කරලා තියෙන්නේ. මේ නිසා චීන පරිශීලකයින් මේ සේවාවන් ලබාගන්න යොදාගන්නා විවිධ ක්‍රම සහ හිඩැස් වසා දැමීමට ඔවුන් දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇන්ත්‍රොපික් සමාගමේ තාරික් ශිහිපාර් සඳහන් කරන්නේ, චීන පරිශීලකයින් හඳුනාගැනීම සඳහා ඔවුන් මීට පෙර පර්යේෂණාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවයි. කෙසේ වෙතත්, අලිබබා සමාගම මේ වන විට Claude Code මෘදුකාංගය ‘අධි අවදානම්’ සහිත එකක් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. ඒ නිසා තම සේවකයින්ට මේ වෙනුවට අලිබබා සමාගම විසින්ම නිපදවූ ‘Qoder’ නම් මෙවලම භාවිත කරන ලෙස උපදෙස් ලබා දීලා තියෙනවා. තාක්ෂණික ලෝකයේ මේ සිදුවීම මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback