පාසල් නමක් හෝ ලාංඡනයක් භාවිතා කරමින් සංවිධානය කරන ඕනෑම උත්සවයකදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම හෝ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය පියවර අරගෙන තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026/10 දරන චක්‍රලේඛයට අනුව, පාසල් නමක් හෝ ලාංඡනයක් යොදාගෙන පවත්වන ඕනෑම උත්සවයක් පාසල් උත්සවයක් ලෙස සලකන නිසා, එවැනි තැන්වල මත්ද්‍රව්‍ය භාවිතයට කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ නීතිය උල්ලංඝනය කරන ඕනෑම උත්සවයක් වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරා තිබෙනවා.
ප්‍රධාන පෙළේ පාසල් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගවලදී සිසුන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීම නිසා තමයි මෙවැනි දැඩි තීරණයක් ගන්න සිද්ධ වුණේ. පාසල් ලාංඡනය භාවිතා කරන ඕනෑම තැනක මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම හෝ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, මෙය පාසල් උත්සවයක් ලෙස සලකා ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා.
මේ නව නීතිය ඉදිරියේදී පැවැත්වෙන සියලුම පාසල් මහා ක්‍රිකට් තරගවලදීත් ඉතා දැඩිව අධීක්ෂණය කිරීමට නියමිතයි. පාසල් සිසුන්ගේ විනය සහ ආරක්ෂාව වෙනුවෙන් ගත් මේ තීරණය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙලා තියෙනවා. ඉදිරියේදී පාසල් නාමය යටතේ පැවැත්වෙන ඕනෑම උත්සවයකදී මත්ද්‍රව්‍යවලින් තොර පරිසරයක් පවත්වාගෙන යාම සංවිධායකවරුන්ගේ වගකීමක් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback