පාසල් නමක් හෝ ලාංඡනයක් භාවිතා කරමින් සංවිධානය කරන ඕනෑම උත්සවයකදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම හෝ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය පියවර අරගෙන තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026/10 දරන චක්‍රලේඛයට අනුව, පාසලක නම හෝ ලාංඡනය යොදාගෙන පවත්වන ඕනෑම උත්සවයක් පාසල් උත්සවයක් ලෙස සලකන නිසා, එවැනි තැන්වල මත්ද්‍රව්‍ය භාවිතය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මෙම නීතිය කඩ කරන ඕනෑම උත්සවයක් වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරා තිබෙනවා.
ප්‍රධාන පෙළේ පාසල් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගවලදී සිසුන් මත්ද්‍රව්‍යවලට සහ මත්පැන්වලට නිරාවරණය වන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. පාසල් ලාංඡනය භාවිතා කරන ඕනෑම තැනක මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් බවත්, මේ සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණයක් සිදු කරන බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. විශේෂයෙන්ම පාසල් මහා ක්‍රිකට් තරගවලදී මේ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පාසල් දරුවන්ගේ විනය සහ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව බොහෝ දෙනා මේ වන විටත් සිය ප්‍රසාදය පළ කරමින් ඉන්නවා.

Discussion & Feedback