මේ දවස්වල හොලිවුඩයේ වැඩිපුරම කතාබහට ලක්වෙන නළුවෙක් තමයි ඇලන් රිච්සන් කියන්නේ. ‘වෝ මැෂින්’ (War Machine) චිත්රපටයේ ලැබුණු දැවැන්ත සාර්ථකත්වයත් එක්ක, රිච්සන් දැන් නෙට්ෆ්ලික්ස් ආයතනයත් එක්ක එකතු වෙලා අලුත් ගමනක් යන්න ප්ලෑන් කරලා තියෙනවා. මේ දෙගොල්ලෝ එකතු වෙලා කරන පළවෙනිම වැඩේ තමයි MotoGP ලෝකය වටා ගෙතුණු අලුත්ම හයිස්ට් (Heist) ත්රිලර් චිත්රපටය. මේක හරියටම කිව්වොත් යතුරුපැදි යොදාගෙන කරන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ වගේම ඇඟ කිලිපොලා යන වැඩක් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ.
මේ චිත්රපටයේ කතාව ගැන කිව්වොත්, වටිනා පුරාවස්තු හොරකම් කරන කල්ලියක් අල්ලන්න ඉන්ටර්පෝල් ආයතනය හිටපු MotoGP ශූරයෙක්ව (ඇලන් රිච්සන්) බඳවා ගන්නවා. ඒත් පස්සේ තමයි රිච්සන්ට තේරෙන්නේ මේ හොරුන්ගේ නායකයා වෙන කවුරුත් නෙවෙයි, මියගියා කියලා හිතාගෙන හිටපු එයාගේම මල්ලි කියලා. මේ වැඩේට ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්රපට මාලාවේ ප්රසිද්ධ තිර රචක ක්රිස් මෝගන් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම MotoGP ආයතනයත් මේ චිත්රපටයට උපදේශකත්වය ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා.
ඇලන් රිච්සන් මේ දවස්වල තවත් වැඩ ගොඩකට අතගහලා තියෙනවා. ‘මේල්ස්ට්රෝම්’ (Maelstrom) කියන අලුත් ඇක්ෂන් චිත්රපටය වගේම, තවත් සර්වයිවල් රියැලිටි වැඩසටහනකටත් එයා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් රිච්සන්ගේ රසිකයන්ට ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් හරහා සුපිරිම වැඩ කිහිපයක්ම බලාගන්න පුළුවන් වෙයි. මේ අලුත් MotoGP චිත්රපටය ගැන නම් හැමෝම ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.

Discussion & Feedback