Airbnb ආයතනය මේ දිනවල තමන්ගේ සේවාවන් තවදුරටත් දියුණු කරමින් නවීන AI තාක්ෂණය සහ සමාජ මාධ්‍ය විශේෂාංග රැසක් සිය යෙදුමට එකතු කර තිබෙනවා. දැන් ඔබට Airbnb හරහා නවාතැන් සොයන විට AI තාක්ෂණය භාවිතා කරමින් වඩාත් පහසුවෙන් තමන්ට ගැලපෙන ස්ථාන තෝරාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ඔබ ‘ළමයින් සඳහා’ වැනි වචනයක් සෙවුම් තීරුවේ ටයිප් කළොත්, ඊට අදාළ තොටිලි, ක්‍රීඩාංගණ හෝ ළමා සෙල්ලම් බඩු වැනි පහසුකම් ඇති ස්ථාන ස්වයංක්‍රීයව ඔබට පෙන්වනවා. මේ හරහා සංචාරකයින්ට තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙනම ස්ථානය ඉතා ඉක්මනින් සොයාගන්න හැකියාව ලැබෙනවා.
මීට අමතරව, Airbnb සමාගම හෝටල්වලට දැඩි තරඟයක් ලබා දෙමින් ආහාර බෙදා හැරීම, රෙදි සේදීම සහ බෝට්ටු කුලියට දීම වැනි අමතර සේවාවන් ද සිය යෙදුම හරහා ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම, ඔබේ මිතුරන් මීට පෙර සංචාරය කළ ස්ථාන සහ ඔවුන් අත්විඳි අත්දැකීම් සිතියමක් හරහා බලාගන්නත් දැන් පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට මෙම තොරතුරු අන් අයගෙන් සඟවා තැබීමේ පහසුකමත් තිබෙනවා. Airbnb ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් චෙස්කි පවසන පරිදි, මෙය ඔවුන්ගේ AI ගමනේ ආරම්භය පමණක් වන අතර, ඉදිරියේදී තවත් බොහෝ නවීන වෙනස්කම් පරිශීලකයින්ට බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback