පසුගිය දිනක තායිලන්තයේ ෆුකෙට් නුවර සිට දිල්ලි බලා පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයක් දැඩි කැළඹිලි සහිත තත්ත්වයකට මුහුණ දීමෙන් පසු, එම යානය පියාසර කළ නියමුවා මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් අසමත් වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ගුවන් ගමන අවසානයේදී සිදුකළ මූලික පරීක්ෂණයේදී නියමුවාගේ සිරුරේ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක සහිත ප්‍රතිඵල ලැබී තිබුණත්, එය තහවුරු කර ගැනීම සඳහා තවත් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කිරීමක් තවමත් සිදුකර නැහැ.
මෙම සිදුවීමත් සමඟ අදාළ නියමුවා සහ සහාය නියමුවා වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන් රාජකාරිවලින් ඉවත් කිරීමට එයාර් ඉන්දියා සමාගම පියවර ගෙන තිබෙනවා. අදාළ ගුවන් යානය අඩි 300ක උසකින් හදිසියේ පහළට කඩා වැටීම හේතුවෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් තුවාල ලැබූ අතර, එය බරපතළ සිදුවීමක් ලෙසයි ගුවන් සේවා අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙන්නේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නියමුවාගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහුට නැවත සේවයට වාර්තා කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.
ගුවන් සේවා රෙගුලාසිවලට අනුව, පළමු වරට මෙවැනි පරීක්ෂණයකින් අසමත් වන නියමුවෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ යුතු අතර, පසුව සිදුකරන පරීක්ෂණයකින් ඔහු නිදොස් බව තහවුරු වුවහොත් පමණක් නැවත සේවයට එක්කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. කෙසේ වෙතත්, මෙම නියමුවා සම්බන්ධයෙන් පවතින පරීක්ෂණවල අවසන් වාර්තාව ලැබෙන තුරු ඔහුට එරෙහිව ගත යුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කිරීමට නියමිතයි.

Discussion & Feedback