මදුරන්කුලිය ආනවිලුන්දාව රක්ෂිතයේ මයියාව වැව ආශ්රිත ප්‍රදේශයේ හදිසියේම හටගත් ගින්නක් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වෙලා තියෙනවා. පසුගිය අගෝස්තු 21 වෙනිදා මේ ගින්න හටගත්තාට පස්සේ, එය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කළා. පලාවිය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකය සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් වහාම එම ස්ථානයට යොමු කරලා ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත්තා.
මේ මෙහෙයුම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටරයක් යොදා ගත් අතර, එයින් ‘බැම්බි බකට්’ (Bambi Bucket) තාක්ෂණය භාවිත කරමින් සෙංගල් ඔයෙන් ජලය ලබාගෙන ගින්න පැතිරෙන ප්‍රදේශවලට ඉහළින් ඉසිනු ලැබුවා. ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන් එකතු වෙලා විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ වන විට ගින්න පාලනය කර තිබුණත්, රක්ෂිතයේ පාරිසරික වටිනාකම ආරක්ෂා කර ගැනීමට සියලුම පාර්ශවයන් ඉතාම අවධානයෙන් කටයුතු කරනවා.

Discussion & Feedback