ඇල්ජීරියාවේ අගනුවර පිහිටි ළමා නිවාසයක හටගත් දරුණු ගින්නකින් දරුවන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා. මේ බිහිසුණු සිදුවීමට හේතුව ලෙස පොලිසිය පවසන්නේ එම ගොඩනැගිල්ලේ තිබූ වායු සමීකරණ යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් බවයි. දැඩි ගිම්හාන කාලගුණය හේතුවෙන් මෙම වායු සමීකරණ යන්ත්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක කර තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් පැය තුනකට වැඩි කාලයක් දැඩි සටනක් කළ අතර, එහිදී තවත් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම සිදුවීම මුළු රටම කම්පනයට පත් කිරීමට සමත් වී තිබෙනවා. ඇල්ජීරියානු ජනාධිපතිවරයා ද මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර, මේ වන විටත් විපක්ෂ කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම ළමා නිවාස සහ පොදු ස්ථානවල ගිනි ආරක්ෂණ ක්‍රමවේදයන් නිසි ලෙස පවතින්නේ ද යන්න පිළිබඳව ඔවුන් දැඩි විවේචන එල්ල කරනවා. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback