ප්රසිද්ධ AI සංගීත නිර්මාණ මෘදුකාංගයක් වන Suno වෙත එල්ල වූ සයිබර් ප්රහාරයක් හේතුවෙන් එහි භාවිතා කරන්නන් මිලියන 55.3කට අධික පිරිසකගේ පෞද්ගලික තොරතුරු අනතුරේ වැටී තිබෙනවා. ‘Have I Been Pwned’ වෙබ් අඩවිය පවසන පරිදි, මෙම දත්ත අතර පරිශීලකයන්ගේ නම්, විද්යුත් තැපැල් ලිපින, දුරකථන අංක සහ ඔවුන්ගේ බැංකු කාඩ්පත්වල අර්ධ තොරතුරු පවා ඇතුළත් වෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙම දත්ත සොරාගෙන තිබුණත්, මේ පිළිබඳව තොරතුරු අනාවරණය වුණේ මෑතකදීයි.
මෙම සිදුවීමෙන් හෙළි වූ තවත් වැදගත් කරුණක් වන්නේ Suno සමාගම තම AI ආකෘති පුහුණු කිරීම සඳහා YouTube සහ Deezer වැනි ප්රසිද්ධ වේදිකාවලින් ගීත සහ පද රචනා අවසරයකින් තොරව ලබාගෙන ඇති බවයි. මේ වන විටත් ප්රධාන පෙළේ සංගීත සමාගම් කිහිපයක්ම Suno වෙත නඩු පවරා ඇත්තේ ඔවුන්ගේ ප්රකාශන හිමිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් Suno සමාගම තවමත් කිසිදු නිල ප්රකාශයක් සිදු කර නොමැති අතර, තම පරිශීලකයන්ට ද මේ ගැන දැනුම් දී නැහැ.
ඔබත් Suno භාවිතා කරන කෙනෙක් නම්, ඔබේ ගිණුමේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත්. විශේෂයෙන්ම ඔබේ බැංකු කාඩ්පත් සම්බන්ධ ගනුදෙනු ගැන විමසිල්ලෙන් සිටීම සහ මුරපද වෙනස් කිරීම වැනි ආරක්ෂිත පියවර වහාම අනුගමනය කරන්න. තාක්ෂණික ලෝකයේ මෙවැනි දත්ත කාන්දුවීම් බහුලව සිදුවන නිසා, අන්තර්ජාලය භාවිතා කිරීමේදී හැමවිටම පරෙස්සම් වීම තමයි හොඳම දේ.

Discussion & Feedback