කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පාවිච්චි කරලා පිළිකා වගේ දරුණු රෝග සුව කරන්න පුළුවන් කියලා ලොකු කතාබහක් තිබුණට, ඇත්තටම තාම ඒ දේ වෙලා නැහැ. මේ ගැන අදහස් දක්වන Vivodyne කියන බයෝටෙක් සමාගම කියන්නේ, දැනට තියෙන AI ආකෘතිවලට තියෙන ලොකුම ප්රශ්නය තමයි නිවැරදි දත්ත නොමැතිකම කියලා. සතුන් යොදාගෙන කරන පරීක්ෂණවලින් ලැබෙන දත්ත මිනිස් සිරුරට හරියටම ගැලපෙන්නේ නැති නිසා, AI ආකෘතිවලට හරි තීරණ ගන්න බැරි වෙනවා. මේ ප්රශ්නය විසඳන්න තමයි ඔවුන් HIVE නමින් විශේෂ රොබෝ තාක්ෂණික පද්ධතියක් හදලා තියෙන්නේ.
මේ HIVE පද්ධතිය හරහා මිනිස් පටක වර්ග විස්සක් විද්‍යාගාරය තුළම වගා කරලා, ඒවාට ඖෂධ ලබා දීලා ඉතාම නිවැරදි දත්ත ලබාගන්න පුළුවන්. ඇත්තටම මේක හරියට වාහනයක් පාරට දාන්න කලින් කරන ‘ක්‍රෑෂ් ටෙස්ට්’ එකක් වගේ වැඩක්. සාමාන්‍යයෙන් ඖෂධයක් මිනිස්සුන්ට දෙන්න කලින් කරන පරීක්ෂණවලදී 90%ක්ම අසාර්ථක වෙනවා. ඒත් Vivodyne සමාගම කියන්නේ ඔවුන්ගේ මේ නව ක්‍රමවේදය හරහා ඖෂධවල සාර්ථකත්වය කලින්ම හඳුනාගන්න පුළුවන් නිසා, විශාල මුදලක් සහ කාලයක් ඉතිරි කරගන්න පුළුවන් කියලා. දැනටමත් ලෝකයේ විශාලතම ‘මිනිස් දත්ත මධ්‍යස්ථානය’ විවෘත කරලා තියෙන ඔවුන්, මේ දත්ත භාවිතයෙන් අනාගතයේදී පිළිකා ඇතුළු රෝග රැසකට සාර්ථක විසඳුම් හොයාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

Discussion & Feedback