දැනට පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 16,000ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දශකය තුළ මේ සංඛ්‍යාව 43,000ක් හෝ ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් කියලා විශේෂඥයන් අනාවැකි පළ කරනවා. මෙතරම් විශාල චන්ද්‍රිකා ජාලයක් පෘථිවියේ ඉඳන් සාමාන්‍ය විදියට පාලනය කරන එක මිනිසුන්ට ලොකු අභියෝගයක්. ඒ නිසා තමයි අභ්‍යවකාශ තාක්ෂණයේදී කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. චන්ද්‍රිකාවලට තමන්ගේ දත්ත තමන්ම විශ්ලේෂණය කරලා, තත්පර ගණනකින් තීරණ ගන්න පුළුවන් වුණොත්, මිනිස් මැදිහත්වීමකින් තොරව කාර්යක්ෂමව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා.
දැනට අපි කරන්නේ චන්ද්‍රිකාවලින් ලැබෙන සියලුම දත්ත පෘථිවියට එවලා, ඒවා මෙතනදී පිරිසිදු කරලා විශ්ලේෂණය කරන එකයි. ඒත් AI තාක්ෂණය චන්ද්‍රිකාව ඇතුළෙම සවි කළොත්, වැදගත් දත්ත විතරක් පෘථිවියට එවන්න පුළුවන්. මේකෙන් කාලය සහ වියදම ගොඩක් ඉතිරි වෙනවා. විශේෂයෙන්ම කාලගුණික විපර්යාස, හදිසි ආපදා හෝ ආරක්ෂක කටයුතුවලදී මේ වේගය ඉතාම වැදගත්. ඒ වගේම, අවශ්‍ය වෙලාවට චන්ද්‍රිකාවල බලය සහ දත්ත සම්ප්‍රේෂණය වෙනස් කරන්නත් AI තාක්ෂණයට පුළුවන්. මේ විදියට අභ්‍යවකාශ කර්මාන්තය ස්වයංක්‍රීයකරණය දෙසට යොමු වීම, අනාගත ලෝකයේ දියුණුවට ලොකු රුකුලක් වේවි.

Discussion & Feedback