කෘත්රිම බුද්ධි තාක්ෂණයෙන් ක්රියාත්මක වන ‘ඩෙවින්’ (Devin) නම් කේතකරණ සහායකයා නිර්මාණය කළ කොග්නිෂන් (Cognition) සමාගම මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන ඉන්නවා. පසුගිය මැයි මාසයේදී ඩොලර් බිලියන 26ක වටිනාකමකින් යුතුව අරමුදල් රැස් කළ මේ සමාගම, ඉතා කෙටි කාලයක් ඇතුළත තවත් අරමුදල් වටයක් සඳහා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. වාර්තා වන විදිහට, ඔවුන්ගේ නවතම වටිනාකම ඩොලර් බිලියන 40ක් දක්වා ඉහළ යනු ඇති බවයි බ්ලූම්බර්ග් ආයතනය පෙන්වා දෙන්නේ. සමාගමේ වාර්ෂික ආදායම ඩොලර් බිලියනයක ඉලක්කය කරා ළඟා වීම මේ දැවැන්ත වර්ධනයට ප්රධාන හේතුවක් වෙලා තියෙනවා.
ඩෙවින් කියන්නේ මෘදුකාංග ඉංජිනේරුවන්ව ආදේශ කරන මෙවලමක් නෙවෙයි කියලා සමාගමේ ප්රධාන විධායක නිලධාරී ස්කොට් වූ පවසනවා. ඒ වෙනුවට, වැඩසටහන්කරුවන් අකමැති වෙහෙසකර සහ කාලය ගතවන වැඩ කොටස් පහසුවෙන් කරදීමට ඩෙවින්ට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පැරණි මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ දත්ත එක් වේදිකාවක සිට තවත් වේදිකාවකට මාරු කිරීම වැනි කාර්යයන් සඳහා මේ වන විටත් Mercedes-Benz, NASA සහ Goldman Sachs වැනි ලෝක මට්ටමේ දැවැන්ත ආයතන ඩෙවින් භාවිතා කරනවා. පසුගිය මාස කිහිපය තුළදී ව්යාපාරික ආයතනවල ඩෙවින් භාවිතය 50%කින් වර්ධනය වී තිබීමෙන් පෙනී යන්නේ කෘත්රිම බුද්ධිය මෘදුකාංග ක්ෂේත්රය තුළ කොතරම් වේගයෙන් ජනප්රිය වෙමින් පවතිනවාද කියන එකයි.

Discussion & Feedback