කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වෙනුවෙන්ම විශේෂිත වූ චිප් නිෂ්පාදනය කරන ‘Etched’ නැමැති නවක සමාගම මේ වන විට ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වෙලා තියෙනවා. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ තරුණයන් තිදෙනෙකු විසින් 2022 වසරේ ආරම්භ කළ මෙම සමාගම, මෑතකදී අමෙරිකානු ඩොලර් මිලියන 300ක අරමුදල් වටයක් සාර්ථකව අවසන් කළා. ඒ අනුව සමාගමේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 10.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Sequoia, Andreessen Horowitz සහ SK Hynix වැනි දැවැන්ත ආයෝජකයින් පවා මේ සඳහා මුදල් යොදවා තිබීම විශේෂත්වයක්. පසුගිය මාස හතක කාලය තුළ පමණක් සමාගමේ වටිනාකම දෙගුණ වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ තාක්ෂණය කෙරෙහි ආයෝජකයින් තුළ ඇති දැඩි විශ්වාසයයි.
Etched සමාගම නිර්මාණය කර තිබෙන මෙම නවීන චිප්ස් මගින් කෘත්‍රිම බුද්ධි ආකෘතිවල ක්‍රියාකාරීත්වය අතිශය වේගවත් කරනවා. විශේෂයෙන්ම ‘prefill’ සහ ‘decode’ ලෙස හැඳින්වෙන ක්‍රියාවලීන් දෙක සඳහා ඔවුන් වෙනමම තාක්ෂණික විසඳුම් හඳුන්වා දී තිබෙනවා. අඩු වෝල්ටීයතාවයකින් ක්‍රියාත්මක වන මෙම චිප්ස් මගින් තාපය අවම කරමින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර, දැනටමත් ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් ඇණවුම් ඔවුන් වෙත ලැබී අවසන්. ChatGPT වැනි තාක්ෂණයන් සඳහා පමණක් නොව, ඕනෑම AI ආකෘතියක් සඳහා මෙම පද්ධති භාවිතා කරන්න පුළුවන්. ආරම්භයේදී බොහෝ දෙනෙක් මෙම අදහස විහිළුවක් ලෙස සැලකුවත්, අද වන විට ලෝකයේ ප්රමුඛ පෙළේ AI විශේෂඥයින් පවා මෙම චිප්ස්වල ක්‍රියාකාරීත්වය අත්හදා බලා ඉහළින්ම අගය කර තිබෙනවා. ඉදිරියේදී මෙම චිප්ස් වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback