දැන් ලෝකයේ කතාබහට ලක්වෙන අලුත්ම මාතෘකාවක් තමයි කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් නිර්මාණය වුණු ‘ටිලී නෝර්වුඩ්’ කියන රංගන ශිල්පිනිය. ඇය ප්‍රධාන චරිතය රඟපාන ‘මිසලයින්ඩ්’ (Misaligned) නමින් අලුත්ම චිත්‍රපටයක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. මේක ඇත්තටම සිනමා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වෙන්නේ, AI චරිතයක් ප්‍රධාන චරිතයක් විදිහට චිත්‍රපටයක රඟපාන පළමු අවස්ථාව මෙය නිසයි. ‘පාටිකල් 6’ ආයතනය විසින් නිර්මාණය කරපු මේ චිත්‍රපටය, හාස්‍යය සහ නාට්‍යමය සිදුවීම් පිරුණු කතාවක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ.
මේ චිත්‍රපටයේ කතාව දිවෙන්නේ ‘ටිලීවර්ස්’ කියන අන්තර්ජාලයේ තියෙන අමුතුම ලෝකයක් වටායි. කිසිම ශරීරයක් හෝ අත්දැකීම් නැති ටිලී, අන්තර්ජාලයේ තියෙන දේවල් හරහා මිනිස් හැඟීම් සහ ආශාවන් වර්ධනය කරගන්න පටන් ගන්නවා. මේක ඇත්තටම හරිම කුතුහලය දනවන කතාවක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය වන එලින් වැන් ඩෙන් වෙල්ඩන් කියන විදිහට, මේ චිත්‍රපටය හරහා AI තාක්ෂණය සහ මිනිස් අනන්‍යතාවය ගැන ගැඹුරු කාරණා වගේම හාස්‍යජනක සිදුවීම් රැසක් අපිට බලාගන්න පුළුවන්.
මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සාම්ප්‍රදායික සිනමා ශිල්පීන් සහ AI විශේෂඥයන් එකතු වෙලා. ඒ වගේම මේ ව්‍යාපෘතිය හරහා සිනමා ක්ෂේත්රයේ ඉන්න අයට AI තාක්ෂණය ගැන අලුත් දේවල් ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා. කෘත්‍රිම බුද්ධිය සිනමාවට කොයිතරම් බලපෑමක් කරයිද කියන එක මේ චිත්‍රපටය නිකුත් වුණාට පස්සේ අපිට පැහැදිලිවම දැකගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback