ලෝක ප්රකට අපරාධ කතා රචිකාවියක් වන අගතා ක්රිස්ටිගේ කෘතිවලට තවමත් තියෙන්නේ පුදුම හිතෙන ඉල්ලුමක්. පසුගිය වසරේදී ඇගේ කෘතිවල අයිතිය හිමි ‘අගතා ක්රිස්ටි ලිමිටඩ්’ සමාගම පවුම් මිලියන 33ක වාර්තාගත ආදායමක් උපයාගෙන තියෙනවා. මේක එම සමාගමේ වසර 40ක ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම ආදායමයි. 2024 වසරට සාපේක්ෂව මේ ආදායම 24%කින් ඉහළ ගිහින් තියෙන අතර, බදු ගෙවීමට පෙර ලාභය පවුම් මිලියන 20ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.
මේ සුවිශේෂී ජයග්රහණයට ප්රධාන හේතුව වෙලා තියෙන්නේ ඇගේ කෘති ඇසුරින් නිර්මාණය වුණු නවතම චිත්රපට සහ රූපවාහිනී කතා මාලායි. විශේෂයෙන්ම නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වුණු කතා මාලා සහ බ්රිට්බොක්ස් හරහා එන නව නිර්මාණ නිසා ලොව පුරා රසිකයන් අගතා ක්රිස්ටිගේ කතා වෙත නැවතත් ඇදී එනවා. ඒ වගේම, අතීතයේ ජනප්රිය වුණු පොයිරෝ සහ මාපල් වැනි කතා මාලා සඳහාත් ඇමරිකාව වැනි රටවලින් තවමත් ලොකු ඉල්ලුමක් තියෙනවා.
ඉදිරියේදීත් අගතා ක්රිස්ටිගේ කතා ඇසුරින් තවත් අලුත් නිර්මාණ රැසක් බිහිවීමට නියමිතයි. කෙනත් බ්රනාග්ගේ හර්කියුලි පොයිරෝ චිත්රපට මාලාවට අමතරව, බීබීසී ආයතනය විසින් පොයිරෝ කතා මාලාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරමින් ඉන්නවා. මේ සියල්ල දෙස බලන විට අගතා ක්රිස්ටිගේ අපරාධ කතා ලෝකය තව බොහෝ කාලයක් රසිකයන් අතර ජනප්රියව පවතින බව නම් පැහැදිලියි.

Discussion & Feedback