කෘත්‍රිම බුද්ධිය හෙවත් AI ක්ෂේත්රයේ අලුත්ම පෙරළියක් කරමින් ‘AfterQuery’ කියන ස්ටාර්ට්අප් සමාගම මේ වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක වටිනාකමකට ළඟා වෙලා තියෙනවා. පුදුම හිතෙන කාරණේ තමයි, මේ සමාගම මීට මාස පහකට කලින් ඩොලර් මිලියන 300ක වටිනාකමක හිටපු එක. ඒ කියන්නේ මාස හයක්වත් යන්න කලින් මේ සමාගමේ වටිනාකම දස ගුණයකින් වැඩි වෙලා තියෙනවා. Y Combinator ඉතිහාසයේ කෙටිම කාලයකින් යුනිකෝන් තත්ත්වයට පත් වුණු සමාගම විදිහටත් මේක වාර්තා පොත් අතරට එකතු වෙනවා.
මේ සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනා තවමත් වයස අවුරුදු 22 සහ 23ක් වුණු තරුණයන්. ඔවුන් මේ වැඩේ පටන් අරන් තියෙන්නේ මීට මාස 18කට කලින්. සාමාන්‍යයෙන් AI මාදිලි පුහුණු කරනවා වගේ නෙවෙයි, මොවුන් කරන්නේ ලෝකයේ ඉන්න දක්ෂම වෛද්‍යවරුන්, නීතිඥවරුන් වගේ වෘත්තිකයන්ගේ තීරණ ගැනීමේ රටා සහ වැඩ කරන විදිහ AI එකට කියා දෙන එකයි. දැනටමත් Nvidia වගේ ලොකු සමාගම් ගණනාවක්ම මොවුන්ගේ සේවාවන් ලබා ගන්නවා.
මේ වන විටත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100ක මට්ටමට ගෙන ඒමට ඔවුන් සමත් වෙලා තියෙනවා. AI තාක්ෂණය හරහා වෘත්තිකයන්ගේ දැනුම සහ අත්දැකීම් යන්ත්‍රවලට කාවැද්දීම කියන අලුත් සංකල්පය නිසා ඉදිරියේදී තවත් විශාල වෙනස්කම් රැසක් තාක්ෂණික ලෝකයේ දකින්න ලැබෙයි කියලා තමයි විශේෂඥයන් කියන්නේ.

Discussion & Feedback