Apple TV ඔස්සේ විකාශය වුණු ජනප්රිය Silo කතාමාලාවේ තුන්වන සමය සාර්ථකව අවසන් වුණා. එහි සිව්වන සමය 2027 ජූලි 09 වනදා තිරගත වීමට නියමිත බවත් දැනටමත් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත්, Silo එනතුරු බලා සිටින අතරතුර විද්යා ප්රබන්ධ රසිකයන්ට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තවත් අපූරු කතාමාලාවක් ගැනයි මේ ආරංචිය. ඒ තමයි බ්ලේක් ක්රවුච්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු ‘Dark Matter’ කතාමාලාව. මේ වන විට එහි දෙවන සමයේ පළමු කොටස් දෙක විකාශය වී අවසන්.
පළමු සමයේදී මූලික කතා වස්තුව අවසන් වුණත්, දෙවන සමය ඊටත් වඩා අභියෝගාත්මක සහ කුතුහලය දනවන අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. පළමු සමයේ තිබූ මන්දගාමී ස්වභාවය වෙනුවට, දෙවන සමය ආරම්භයේදීම ප්රේක්ෂකයන්ව මවිතයට පත් කරමින් ඉතා වේගවත් සහ අභිරහස් සිදුවීම් පෙළක් දකින්න ලැබෙනවා. සමාන්තර විශ්වයන් සහ එහි සැඟවුණු අභිරහස් සොයා යන ඩෙසන් පවුලේ අරගලය මෙවර වඩාත් තීව්ර වී තිබෙනවා.
මෙම කතාමාලාවේ විශේෂත්වය වන්නේ එහි නිර්මාතෘ බ්ලේක් ක්රවුච්ම මෙහි තිර රචනයට දායක වීමයි. ඒ නිසාම කතාවේ මුල් රසය නොබිඳී, Dark, 12 Monkeys වැනි ලොව ප්රසිද්ධ විද්යා ප්රබන්ධ මට්ටමටම මෙය ගොඩනැගීමට ඔහු සමත් වී තිබෙනවා. Silo තරම්ම ජනප්රියත්වයක් ලබා ගැනීමට තවමත් කාලය අවශ්ය වුවත්, විද්යා ප්රබන්ධ ලෝලීන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කතාමාලාවක් ලෙස Dark Matter මේ වන විටත් තමන්ගේ ස්ථානය තහවුරු කරගෙන අවසන්.

Discussion & Feedback