අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ විද්යාඥයන් ග්රහකයක් (Asteroid) කියලා හිතාගෙන හිටපු ‘1998 SH2’ කියන අභ්යවකාශ වස්තුව ඇත්තටම වල්ගාතරුවක් (Comet) බව නාසා ආයතනය විසින් අලුතින්ම අනාවරණය කරගෙන තියෙනවා. 1998 වසරේදී සොයාගත්ත මේ වස්තුව සාමාන්ය ග්රහකයක් විදිහට තමයි හැසිරුණේ. ඒත් 2025 අගෝස්තු මාසයේදී පෘථිවියට ඉතාම ආසන්නයෙන් ගමන් කරනකොට, ඒකේ ගමන් මාර්ගයේ තිබුණු අසාමාන්ය වෙනස්කම් නිසා විද්යාඥයන් මේ ගැන වැඩිදුර පරීක්ෂණ කරන්න පටන් ගත්තා. පසුව සිදුකළ නිරීක්ෂණවලදී පෙනී ගියේ මේ වස්තුවේ මතුපිට තියෙන අයිස් දියවෙලා වායු පිටවීම නිසා ඒකේ ගමන් මාර්ගය වෙනස් වෙන බවයි. ඒක හරියට කුඩා රොකට්ටුවක් වගේ ක්රියා කරනවා.
මේ සොයාගැනීම පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩක් වැදගත් වෙනවා. මොකද ග්රහකවලට වඩා වල්ගාතරු ගමන් කරන මාර්ගය පුරෝකථනය කරන එක ටිකක් සංකීර්ණයි. මේ වගේ වල්ගාතරු වලින් පිටවෙන වායු නිසා ඒවායේ ගමන් මාර්ගය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කලින්ම හඳුනාගන්න එකෙන් අනාගතයේදී පෘථිවියට තර්ජනයක් වෙන්න පුළුවන් අභ්යවකාශ වස්තූන් ගැන වඩාත් නිවැරදිව තීරණ ගන්න විද්යාඥයන්ට පුළුවන් වෙනවා. මේ වගේ තවත් වල්ගාතරු ග්රහක විදිහට වැරදියට වර්ගීකරණය වෙලා තියෙන්න පුළුවන් නිසා, අනාගතයේදී තවත් මෙවැනි සොයාගැනීම් රැසක් සිදුවෙන්න ඉඩ තියෙනවා කියලා තමයි නාසා විද්යාඥයන් පවසන්නේ.

Discussion & Feedback