පසුගිය වසර විස්සක් පුරාවට විශ්වයේ සිදුවන ප්රබලතම පිපිරීම් සහ ගැමා කිරණ නිරීක්ෂණය කළ නාසා ආයතනයේ ‘ස්විෆ්ට්’ (Swift) අභ්‍යවකාශ දුරේක්ෂය මේ වන විට පෘථිවිය දෙසට කඩා වැටෙමින් පවතිනවා. සූර්ය ක්‍රියාකාරකම් හේතුවෙන් එහි කක්ෂය පහළ වැටීම නිසා, එය බේරා ගැනීමට ‘කැටලිස්ට් ස්පේස් ටෙක්නොලොජීස්’ ආයතනය විශේෂ මෙහෙයුමක් දියත් කළත්, අවාසනාවකට මෙන් එම උත්සාහය අසාර්ථක වුණා. ඔවුන් දියත් කළ ‘LINK’ නම් රොබෝ යානයට ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා මෙම බේරා ගැනීමේ මෙහෙයුම අතරමග නතර කිරීමට සිදු වුණා.
දැන් ස්විෆ්ට් දුරේක්ෂය පාලනයකින් තොරව පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතයි. නාසා ආයතනය පවසන පරිදි, මෙය බොහෝ විට ඔක්තෝබර් මාසයට පෙර සිදු නොවනු ඇති අතර, වායුගෝලයට ඇතුළු වන විට එහි වැඩි කොටසක් දැවී යනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, දුරේක්ෂයේ ඇති ටයිටේනියම් ටැංකි සහ කාච වැනි සමහර කොටස් පෘථිවියට පතිත වීමට ඉඩ තිබුණත්, ඉන් ජනතාවට හානියක් වීමේ අවදානම ඉතාම අඩු බවයි විද්‍යාඥයින් පවසන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන බව නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback