පසුගිය වසර විස්සක් පුරා විශ්වයේ සිදුවන ප්රබලතම පිපිරීම් සහ ගැමා කිරණ නිරීක්ෂණය කළ නාසා ආයතනයේ ‘ස්විෆ්ට්’ (Swift) අභ්යවකාශ දුරේක්ෂය ඉතා ඉක්මනින් පෘථිවියට කඩා වැටීමට නියමිත බව වාර්තා වෙනවා. සූර්ය ක්රියාකාරකම් හේතුවෙන් මෙම දුරේක්ෂයේ කක්ෂය පහළට ඇද වැටෙමින් තිබූ නිසා, එය බේරා ගැනීමට ‘කැටලිස්ට් ස්පේස් ටෙක්නොලොජීස්’ ආයතනය විශේෂ මෙහෙයුමක් දියත් කළා. ඔවුන් ‘LINK’ නමින් රොබෝ යානයක් නිර්මාණය කර යැව්වත්, අවාසනාවන්ත ලෙස එම මෙහෙයුම අසාර්ථක වුණා. මේ නිසා ස්විෆ්ට් දුරේක්ෂය පාලනයකින් තොරව පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතයි.
නාසා ආයතනය පවසන පරිදි, මෙම දුරේක්ෂය ඔක්තෝබර් මාසයට පෙර පෘථිවියට කඩා වැටෙන්නේ නැහැ. වායුගෝලයට ඇතුළු වන විට එහි ඇති බොහෝ කොටස් ගිනිගෙන විනාශ වී යන බවත්, පොළොවේ සිටින ජනතාවට ඉන් විශාල හානියක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් ඔවුන් සහතික කරනවා. කෙසේ වෙතත්, දුරේක්ෂයේ ඇති ටයිටේනියම් ටැංකි සහ කාච වැනි සමහර කොටස් විනාශ නොවී පෘථිවියට පතිත වීමට ඉඩ ඇති බව විශේෂඥයන් පෙන්වා දෙනවා. දැනටමත් මෙම දුරේක්ෂය කඩා වැටෙන නිශ්චිත දිනය සහ ස්ථානය පිළිබඳව නාසා ආයතනය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, ඉදිරියේදී ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්රකාශයට පත් කිරීමට නියමිතයි.

Discussion & Feedback