සුප්රසිද්ධ එක්ස්-මෙන් (X-Men) කොමික් කතා මාලාවේ වසර 46ක් පුරා රසිකයන් අතර ජනප්රියව පැවති ප්රබල දුෂ්ට චරිතයක් වන සෙබස්තියන් ෂෝ (Sebastian Shaw) මියගොස් තිබෙනවා. ‘X-Men: The Hellfire Murder #1’ කලාපය හරහා මෙම සිදුවීම වාර්තා වන අතර, මෙය කිසිදු නැවත නැඟිටීමක් බලාපොරොත්තු විය නොහැකි තරම් ස්ථිර මරණයක් බවයි නිර්මාණකරුවන් පවසන්නේ. සෙබස්තියන් ෂෝ යනු චාලක ශක්තිය උරා ගනිමින් තමන්ව ශක්තිමත් කරගන්නා අතිශය භයානක චරිතයක්. ඔහු තමන්ගේම සාදයකදී මියගොස් සිටියදී වුල්වරින් සහ ජුබිලි විසින් සොයාගනු ලබනවා.
මෙම මරණය පිටුපස ඇත්තේ එමා ෆ්රොස්ට්ගේ සැලසුමක්. සෙබස්තියන් ෂෝ විසින් මියුටන්වරුන්ගේ බලය සදහටම නැති කර දැමිය හැකි තාක්ෂණයක් සොයාගෙන තිබූ අතර, එය වළක්වා ගැනීමට එමා ෆ්රොස්ට් තම මානසික බලයන් භාවිතා කර ඔහුව ඝාතනය කරනවා. මෙම සිදුවීමත් සමඟ මිස්ටික් ඇතුළු පිරිසක් සෙබස්තියන්ගේ වත්කම් අත්පත් කරගෙන නව ‘හෙල්ෆයර් බ්රදර්හුඩ්’ කණ්ඩායම පිහිටුවා ගන්නවා. මෙය එක්ස්-මෙන් ලෝකයේ නව යුගයක ආරම්භයක් සනිටුහන් කරන අතර, වීරයන් පවා මෙවැනි දරුණු තීරණ ගැනීමට පෙළඹීම රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ඉදිරියේදී මෙම සිදුවීම් මාලාව එක්ස්-මෙන් කතාව කෙතරම් වෙනස් කරාවිද යන්න පිළිබඳව බොහෝ දෙනා කුතුහලයෙන් පසුවනවා.

Discussion & Feedback